කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයට මැලේසියාවේ Westports උනන්දු වෙයි

    May, 4, 2017

    කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිරිකිරීම් සඳහා ශ්‍රී ලංකා රජයේ ලංසු කැඳවීම සඳහා සිය අභිලාෂයන් ඉදිරිපත් කිරීමට මැලේසියාවේ Westports Holdings Bhd කටයුතු කරනු ලබන බව තහවුරු කර තිබේ.

    නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ගැඹුරු දිය ඉදිරිකිරීම් හා සංවර්ධන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා රජය පසුගිය වසරේ දී ලංසු කැඳවීමක් සිදුකරනු ලැබීය. මෙය ඩොරල් මිලියන 400-600 ත් අතර වටිනාකමකින් යුතු ව්‍යාපෘතියකි.

    කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සංවර්ධන සැලැස්ම යටතේ මීටර 1,200 ක දිගින් යුතු නැව් තොටක් දක්වා පුළුල් වන අතර එය මීටර 18 ක ගැඹුරකින් යුක්ත වනු ඇත. මෙම සැලසුමේ මූලික අදියර වශයෙන් මීටර 440 ක දිගින් යුතු නැව් තොටක් ශ්‍රී ලංකා වරාය අදිකාරිය විසින් සම්පූර්ණ කොට ඇත.