කොළඹ විලාසිතා සතියේ ගිම්හාන කාර්තුව 2021 වර්ෂයේ අලුත් පරිසර තත්වයන්ට අනුකූල විලාසිතා පෙළක් ඉදිරිපත් කරයි

    March, 16, 2021

    විලාසිතාවන්ගේ පුනරාවර්තනය මෙවර උළෙලේ ප්‍රමුඛ තේමාවයි

    කොළඹ විලාසිතා සතිය සිය 18 වන වසර තුළ තිරසාරභාවය පිළිබඳ වැදගත් අංගයක් හඳුන්වා දෙමින්, ලොව පුරා මේ වනවිට පැනනැගී ඇති හදිසි අවශ්‍යතාවයක් වන විලාසිතාවන්ගේ පුණරාවර්තනය පිළිබදව අවදාරණය කරයි. මෙය 'පුණරාවර්තන සතිය' ලෙස නම් කර ඇත.  උද්ගතව ඇති මෙම නව පරිසර තත්වයන් තුළ ශ්‍රී ලංකාවේ විලාසිතා නිෂ්පාදන කර්මාන්තය ඊට අනුගත වෙමින්, ඊට අදාලව පරිවර්තනය වීමටත්,  නව විලාසිතා නිෂ්පාදන නිර්මාණය කිරීම සදහා විලාසිතා කර්මාන්තය මෙහෙයවීමත් මෙහි මූලික ඉලක්කයයි.

    2021 යනු විලාසිතා කර්මාන්තයේ පරිවර්තනීය වසරක් වන අතර, 2020 දී විලාසිතා හැකි සෑම ආකාරයකින්ම ප්‍රතිව්‍යුහගත කිරීමට බල කෙරුනි.

    පශ්චාත්-කොවිඩ් අවධිය අනෙකුත් බොහෝ කර්මාන්ත වලට මෙන්ම විලාසිතා කර්මාන්තයට අත් කරදෙනු ලැබුයේ අන් කවරදාටත් වඩා වෙනස් අලුත් භූමි අවකාශයකි; කෙසේ වෙතත්, එහිද නව අවස්ථා දක්නට ලැබේ. විලාසිතා වලට අදාල සමස්ත පරිසරය (හා සමාජය) මෙම නව යථාර්ථයට ගැළපෙන පරිදි පරිණාමය වී ඇති අතර ඒ සමඟම පරිභෝජන රටාවන් ද විශාල වශයෙන් වෙනස් වී ඇත. මේ වනවිට මිනිසුන් විලාසිතා දෙස බලන අකාරය, ඒවා මිලදී ගන්නා , පරිභෝජනය කරන හා ඒ සමග සම්බන්ධ වන ආකාරයේ විශාල වෙනසකට භාජනය වෙමින් පවතී.

    මීට අමතරව, අධික ලෙස නිෂ්පාදනය කරන හා වේගයෙන් පරිභෝජනය කරන විලාසිතා මගින් කර්මාන්තයට නරක නාමයක් හිමි කර දී ඇති අතර එය පරිසරය ඛාදනය කෙරෙහිද බෙහෙවින් බලපා ඇති අතර සමාජයද ඉන් පීඩාවට පත්කර ඇත. එබැවින් විලාසිතා නිර්මාණය කිරීමේ පරිසරය 2021 වර්ෂයේ දී බෙහෙවින් වෙනස්  ආකාරයක් ගනු ඇත.
    පසුගිය දශක දෙක තුළ, කොළඹ විලාසිතා සතිය විසින් විලාසිතා කර්මාන්තයට කරන ලද සාධනීය මැදිහත්වීමේ හේතුවෙන්, විලාසිතා කර්මාන්තයේ ඉදිරිමග පෙන්වමින්, දකුණු ආසියාවේ  විලාසිතා කර්මාන්තයට අදාලව නිම්වලළු පුලුල් කිරීමට සමත් විය. මෙම වසරේදී ද කොළඹ විලාසිතා සතිය විලාසිතා නිර්මාණකරුවන් සමඟ එක්වෙමින් මෙම වෙනස් වූ නව පරිසරය තුළ ඔවුන්ගේ වැඩ කටයුතු පෙළගැස්වීමට අවශය කටයුතු සම්පාදනය කරමින් සිටී.
    කොළඹ විලාසිතා සතිය (CFW) පසුගිය දෙවසර තුළ, විලාසිතා කර්මාන්තයේ නියැළී සිටින විලාසිතා නිර්මානකරුවන්ගේ ඉදිරි දැක්ම ප්‍රතිරාමුගත කිරීම සදහා අවශ්‍ය පුහුණුව ලබා දුන් අතර, මේ වන විට  විලාසිතා කර්මාන්තයේ ඇති ඍණාත්මක බලපෑම් අවම කර ගැනීම සදහා අවශ්‍ය විසදුම් සපයන්නන් ලෙස ක්‍රියා කරමින්,  පුණරාවර්තනය සහ ආරක්ෂිතව අපද්‍රවය බැහැර කිරීම් යන වෙනස් වූ නව පරිසරයට ගැලපෙන විසදුම් වලට අනුකූලවෙමින් ඔවුන්ගේ නිර්මාණ ඉදිරිපත් කරයි.
    "වෙනස් වූ නව පරිසරය හා අනුගත වෙමින් 2021 වර්ෂයේදී ඉදිරිපත් කරන විලාසිතා  ඇත්ත වශයෙන්ම විලාසිතා සඳහා ඉතා හිතකර වූ දායකත්වයක් ලබා දෙනවා. වසර ගණනාවක් තිස්සේ CFW සදාචාරාත්මක විලාසිතා පිළිබඳව දැඩි අවදානයක් මෙන්ම ඒ පිළිබදව දැනුවත්භාවයකින් කටයුතු කළා. විලාසිතා පුණරාවර්තනය වෙන කවරදාටත් වඩා අද දවසට බෙහෙවින් අදාළ වන අතර එබැවින් විලාසිතා නිර්මාණකරුවන්ට සහ විලාසිතා පාරිභෝගිකයින්ට වැඩි වගවීමක් ඇති කිරීම සඳහා CFW මෙම අදියරේදී වැඩි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා" කොළඹ විලාසිතා සතියේ (CFW) නිර්මාතෲ සහ කලමනාකාර අධ්‍යක්ෂක, අජේ වීර් සින්ග් මහතා පැවසීය.
    "මීට අමතරව, CFW 2021 ගිම්හාන කාර්තුවේදී නැගී එන නිර්මාණකරුවන් අතර රෙදි විවීම පිළිබඳව අවධානය යොමු කරවීම තුළින් විශාල වෙළදපල අවස්ථාවන් නිර්මානය කිරීමට බලපොරොත්තු වේ,"

    වසර ගණනාවක් පුරා, CFW තවත් එක් විලාසිතා ප්‍රදර්ශනයකට එහා ගිය බහුකාර්ය වේදිකාවක් බවට වර්ධනය වී තිබේ. විලාසිතා නිර්මාණය, පරිභෝජනය සහ ඉදිරිපත් කිරීම සහ සවිබල ගැන්වීම යන විලාසිතා නිර්මාණ කර්මාන්තයට අයත් සෑම අංශයකටම සැලකියයුතු බලපෑමක් කිරීමට සමත් විය.

    නව පරිසර තත්වයන් හා අනුගත වෙමින් දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ සමාජ දුරස්ථභාවය අනුගමනය කරමින් 2021 දී CFW දෙමුහුන් ආකෘතියක් අනුගමනය කරීමට බලාපොරොත්තු වේ.

    මෙවර කොළඹ විලාසිතා සතිය දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයින් සඳහා ඔන්ලයින් තාක්ෂනය ඔස්සේද විකාශනය වීමට බලාපොරොත්තු වේ. ආරම්භයේ සිටම ශ්‍රී ලංකා විලාසිතා නිර්මාණකරුවන්ගේ ඊළඟ පරම්පරාවේ අභිවෘධිය හා සංවර්ධනය කෙරෙහි CFWහි විශේෂ අවධානය යොමු වූ අතර  මෙම නිරන්තර අවධානය යොමු කිරීම හේතුවෙන් අඛණ්ඩව දෙවන වරටත් නැගී එන නිර්මාණකරුවන්ගේ වැඩසටහන සඳහා වැඩිම අයදුම්පත් සංඛ්‍යාවක් CWF වෙත ලැබී තිබේ.  මෙය කොලඹ විලාසිතා සතිය විසින් සපයන ලද උපදේෂකත්වයේ සහ ඉන් ලබාදෙන ලද පන්නරය පිළිබදව වන  සුවිශේෂී සාක්ෂියයි.

    මේ වසරේදී ඉහළ විභවතාවයකින් යුත් තරුණ නිර්මාණකරුවන් 11 දෙනෙකු මාස තුනක කාලයක් තුළ උපදේශනය ලබා දුන් අතර 2021 ගිම්හාන ප්‍රදර්ශනාගාරයේදී ඔවුන්ගේ විලාසිතා නිර්මාණ එකතුන් ඉදිරිපත් කිරීමට තෝරාගෙන ඇත.
    2020 දී ගෝලීයව පළමු වරට හදුන්වා දෙන ලද 'වගකීම් මීටරය'  එහි දෙවන අදියර කරා මේ වසරේදී ගමන් කරනු ඇත. 'වගකීම් මීටරය' යනු පසුගිය වසරේ හඳුන්වා දුන් ඇඟලුම් ඇගයීමේ මෙවලමකි.

    පුණරාවර්තනය 2.0.2.1 යනු වගකිම්සහගත විලාසිතා සමුළුවේ සිව්වන කාර්තුව සඳහා වූ තේමාවයි.  වගකිවයුතු විලාසිතා සමුළුව යනු වගකීම් සහගත විලාසිතා ව්‍යාපාරයේ චින්තන-නායකත්ව වේදිකාවයි.  මෙම වසරේදී පශ්චාත් වසංගත තත්වය හමුවේ සමුළුව ඩිජිටල් සමුළුවක් ලෙස පැවැත්වෙන අතර එය මණ්ඩල 3 කින් සමන්විත වේ. පුණරාවර්තන විලාසිතා එහි සරල ස්වරූපයෙන් පරිසරය හා සමාජය කෙරෙහි විලාසිතා මගින් සිදුවිය හැකි ඍණාත්මක බලපෑම අවම කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

    "පසුගිය අවුරුදු 14 පුරාවටම HSBCකොලඹ විලාසිතා සතියේ සන්නාම සහකරු ලෙස කටයුතු කරමින් එහි අභිවෘද්ධිය සදහා අඛණ්ඩ දායකත්වයක් සපයන ලදී.   2050 වන විට HSBC සමූහයට ශුද්ධ ශුන්‍ය බවට පත්වීමේ අභිලාෂයක් ඇත. අපගේ ගනුදෙනුකරුවන්ට සහ හවුල්කරුවන්ට අඩු කාබන් ආර්ථිකයකට මාරුවීමට උදව් කිරීමට අපට අවශ්‍යය වන අතර ඒ මන්ද  යත් අප ව්‍යාපාර මෙහෙය වන ආකාරය මෙන්ම ඒ සදහා අප කරන දේවල්ද  වැදගත් බව අප තරයේ විශ්වාස කරමු. එම නිසා 'විලාසිතා පුණරාවර්තනය' යන මෙවර තේමාව අපගේ ගෝලීය දේශගුණික අභිලාෂය සමග හොඳින් ගැලපීම ගැන අපි ඉතාම සතු‍ටු වන්නෙමු" ලංකාව සහ මාලදිවයින් HSBCසමූහයේ ප්‍රධාන විදායක නිළධාරී, මාර්ක් ප්‍රොතෙරෝ මහතා පැවසීය.

    "HSBC කොළඹ විලාසිතා සතියේදී විලාසිතා වල තිරසාර බව ප්‍රවර්ධනය කිරීම සඳහා සන්නාම සහකරු ලෙස ගෙවී ගිය වසර 14 තුළ අප දැක්වූ දායකත්වය තවදුරටත් ඉදිරියට ගෙනියමින් අංකුර නිර්මාණකරුවන් සඳහා HSBC නැගී එන නිර්මාණකරුවාගේ අරමුදල සහ නෙක්ස්ට්ජෙන් සම්මානය (NextGen Award) දියත් කිරීම සදහා ද අපගේ සහයෝගය තවදුරටත් ලබා දීමට අපි සතුටු වෙමු.

    විලාසිතා පිළිබඳ උනන්දුවක් දක්වන තම දරුවන්ට මෙම මහඟු අවස්ථාව ප්‍රයෝජනයට ගන්නාමෙන් අපගේ සේවාදායකයින්ට ආරාධනා කිරීමට කැමතියි. ඒ වගෙම මෙය රටේ විශාලතම විලාසිතා ඉසව්ව වන නිසා එහි පාර්ශව කරුවන් වන මෙන් අරාධනා කිරීමට කැමතියි."

    "මෙවර HSBC කොළඹ විලාසිතා සතියේ නිල ආගන්තුක සත්කාර සහකරු වන්නේ කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලය වන අතර උළෙල පවත්වනු ලබන්නේද එහිදීය. මෙවර අඛණ්ඩව සිව්වන වරටත් HSBC කොළඹ විලාසිතා සතිය සමඟ හවුල් වන අප, එහි තේමාව මගින් පරිසරය කෙරෙහි අඩු ඍණාත්මක බලපෑමක් ඇති කිරීම සඳහා අපද්‍රව්‍ය සැලසුම් කිරීම මත ගොඩනැඟෙන පුණරාවර්තන විලාසිතා කෙරෙහි මෙම වසරේ අවධානය යොමු කිරීම පිළිබදව ඉතා සතු‍ටු වන්නෙමු. " ශ්‍රී ලංකා ශැන්ග්‍රි -ලා සමූහයේ උප සභාපති තිමොති රයිට් මහතා පැවසීය.

    "සෑම කර්මාන්තයක්ම 2021 දී නව පරිසරයකට ඇතුලුවීමට සිදු වූ අතර, පාරිභෝගික ජීවන රටාවේ වෙනස්වීම් සපුරාලීම සඳහා මෙම අවස්ථාවේදී අර්ථවත් නවෝත්පාදන සඳහා දරන උත්සාහයන් දිරිමත් කිරීම අපගේ දැක්මට අනුකූල වේ."
    මෙම කාර්තුවේදී, HSBC කොළඹ විලාසිතා සතිය ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සමඟ හවුල් වී කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳව දැනුවත් කිරීමට ලැබීම සතුටට කරුණකි. මෙම හවුල්කාරිත්වය CFW අවධානය යොමු කරන පුනරාවර්තනයේ සමාජ සුභසාධන අංගය සපුරාලයි. ලොව පුරා සහ ශ්‍රී ලංකාවේ, කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට එරෙහි හිංසනයන්ට දක්වන ප්‍රතිචාරය ශක්තිමත් කිරීම සඳහා UNFPA රජයන්ට සහ කාන්තා සංවිධානවලට සහාය දක්වයි.

    බොහෝ විට අප විශ්වාස කරන දෙයට පටහැනිව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය දුප්පත් පෝසත් බේදයකින් තොරව සෑම තැනකම සිදු වේ.

    "ප්‍රචණ්ඩත්වය නැවැත්වීමට පියවර ගැනීම සඳහා සමාජයේ සියලුම කොටස් වල දායකත්වය අපට අවශ්‍ය වන අතර සුවිශේෂී වූ හේතුවක් වෙනුවන් විලාසිතා  සඳහා මෙහිදී කල හැකි මැදිහත්වීම විශාලය. සියලුම කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට සුරක්ෂිත ලෝකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා වේදිකාවක් ලෙස විලාසිතා භාවිතා කිරීම සඳහා HSBC කොළඹ විලාසිතා සතිය සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා." ශ්‍රී ලංකාවේ UNFPA හි නියෝජිත රිට්සු නැකන් මහතා පැවසීය.

    HSBC කොළඹ විලාසිතා සතියේ මෙම කාර්තුවේදී නිර්මාණකරුවන් 21 දෙනෙකු දින තුනක් තුළ ඔවුන්ගේ විලාසිතා එකතුවන් ප්‍රදර්ශනය කිරීමට සූදානම් වේ. මෙහිදී ප්‍රධාන පෙළේ නිර්මාණකරුවන් වන සොනාලි ධර්මවර්ධන, චරිනි සූරියගේ, ෆවුසුල් හමීඩ්, අමිලානි පෙරේරා, අස්ලම් හුසේන්, අසංක ද මෙල් සහ දිනුෂි පමුනුව යන අය මෙම කාර්තුවේ පුණරාවර්තන තේමාවට අනුකූලව ඔවුන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කරනු ඇත. CFW හි නිර්මාණකරුවන්ගේ සංවර්ධන වැඩසටහනේ මඟ පෙන්වීම යටතේ පසුගිය වසර 3 ක කාලය තුළ දී ශ්‍රී ලංකාවේ දීප්තිමත්ම නිර්මාණ දක්ෂතා දැක්වූ තිදෙනෙකු වන අයේෂ් මිලේන්ද්‍ර, නිලූෂා මඩුමාගේ සහ හිමාෂි විජේසේකර යන අය ඔවුන්ගේ දක්ෂතා මෙම කාර්තුවේදී ප්‍රදර්ශනය කරනු ඇත.
    ශ්‍රී ලංකාවේ විලාසිතා කර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් යන ගමනේදී කොළඹ විලාසිතා සතිය හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ හා සමාන අදහස් ඇති වෙළඳ නාම සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයක් ඇති කර ගෙන තිබේ. සන්නාම සහකරු ලෙස HSBC; නිල ආගන්තුක සත්කාර සහකරු ලෙස කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලය; නිල කෙස් රැකවරණ සහකරු ලෙස TRESemmé; CFW රීටේල් සතිය නිර්මාණය කිරීම සඳහා උපාය මාර්ගික හවුල්කරුවෙකු ලෙස වන් ගෝල් ෆේස්; කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය පිළිබඳ දැනුවත් කිරීම සඳහා උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල; නිල අක්ෂි සහකරු ලෙස විෂන් කෙයා; හමීඩියා; නිල කෙස් සහ වේශ නිරූපණ සහකරු ලෙස රමනි ප්‍රනාන්දු, නිල මාධ්‍ය සහකරු ලෙස විජය පුවත්පත් සමාගම; නිල මහජන හවුල්කරු ලෙස මීඩියා ෆැක්ටරි සහ එළිමහන් ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස ඉමර්ජින් මීඩියා ද හවුල් වේ.

    මෙම සියලු ආයතන කොළඹ විලාසිතා සතියේ දැක්ම හා අභිලාෂයන් සඳහා සහයෝගය හා දායකත්වය ලබා දෙයි.
    HSBC කොළඹ විලාසිතා සතියේ මෙවර කාර්තුව 2021 මාර්තු 25 සිට 27 දක්වා පැවැත්වේ. කොළඹ විලාසිතා සතියේ ගිම්හාන 2021 කාර්තුව පිළිබඳ වැඩි විස්තර සඳහා නිල වෙබ් අඩවිය වන www.colombofashionweek.com වෙත පිවිසෙන්න. කොළඹ විලාසිතා සතියේ නිළ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම සහ යූටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කිරීම මගින් නවතම විස්තර දැනගැනීමට සහ විද්‍යුත් තාක්ෂණය ඔස්සේ සජීවීව මෙම උලෙළ නැරඹීමේ අවස්ථාවද හිමිවේ.