කොළඹ සෘජු ගුවන් ගමන් සේවාව දියත් කිරීමට ප්‍රථම Vietjet ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථානය ලෙස සම්මානයට පාත්‍ර වෙයි

    July, 14, 2026

    කොළඹ සහ හෝ චි මිං නගරය අතර නව සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට සූදානම් වන අවස්ථාවක වියට්ජෙට් (Vietjet) සමාගම පුද්ගලයන්ට මුල් තැන දෙන ආයතනික සංස්කෘතියක් වෙනුවෙන් නැවත වරක් ජාත්‍යන්තරව ඇගයීමට  ලක් ව තිබේ. HR Asia Awards 2026 සම්මාන උළෙලේදී අඛණ්ඩව හයවන වරටත් Best Companies to Work For in Asia  ලෙස තේරී පත් වූ වියට්ජෙට් සමාගම පළමු වරට HR Asia Diversity, Equity & Inclusion (DE&I) සම්මානය ද දිනා ගැනීමට සමත් වී තිබේ.

    HR Asia ආයතනය  විසින් වාර්ෂිකව  සංවිධානය කරනු ලබන මෙම සම්මාන උත්සවය මඟින් ආසියාව පුරා විශිෂ්ට මානව සම්පත් කළමනාකරණය, ඉහළ සේවක සහභාගීත්වය සහ ශක්තිමත් සේවා ස්ථාන සංස්කෘතියක් පවත්වාගෙන යන ආයතන ඇගයීමට ලක් කරනු ලබයි. 2026 වසරේ සම්මානලාභීන් අතර වියට්නාමයේ ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක්ද මීට ඇතුළත් වූ අතර, වෘත්තීයමය, සේවකයන්ගේ සහභාගීත්වය දිරිගන්වන සහ ප්‍රබෝධමත් සේවා පරිසරයක් ගොඩනැගීම සඳහා අඛණ්ඩව ගෙන යන උත්සාහයන් හේතුවෙන් වියට්ජෙට් සමාගම මෙහිදී සුවිශේෂී අවධානයට යොමු විය.

    ඒ අනුව මෙම වසරේදී වියට්ජෙට් (Vietjet) සමාගම ප්‍රථම වරට 'HR Asia Diversity, Equity & Inclusion (DE&I) Award' සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. විවිධත්වය අගයන, සමානාත්මතාව තහවුරු කරන සහ සියලු දෙනාම ඇතුළත් වූ සේවා පරිසරයක් පවත්වාගෙන යන ආයතන ඇගයීමට ලක් කෙරෙන මෙම සම්මානය මඟින්  ඕනෑම පසුබිමකින් පැමිණෙන සේවකයන්ට ගෞරවය, සවිබල ගැන්වීම සහ වෘත්තීය වර්ධනය සඳහා සමාන අවස්ථා උදාකර දෙන ආයතන ඇගයීමට ලක් කරයි.

    මෙම ද්විත්ව ජාත්‍යන්තර ඇගයීම මඟින් මානව සම්පත සිය උපායමාර්ගයේ කේන්ද්‍රස්ථානය කරගනිමින්, විවෘත, වෘත්තීයමය සහ ගෝලීය සම්බන්ධතා සහිත සේවා පරිසරයක් ගොඩනැගීමට වියට්ජෙට් අඛණ්ඩව දක්වන කැපවීම මනාව පිළිබිඹු කරයි. තවද, 2026 අගෝස්තු 18 වන දින සිට වියට්ජෙට් සමාගම මගින් කොළඹ - හෝ චි මිං නගරය අතර ආරම්භ කිරීමට නියමිත නව ගුවන් ගමන් සේවාව සමඟින්, ශ්‍රී ලංකා වෙළඳපොළට පිවිසීමට සිටින අවස්ථාවක මෙවැනි ජාත්‍යන්තර ගෞරවයකට පාත්‍ර වීම වියට්ජෙට්  සමාගමේ ආයතනික ශක්තිය සහ ගෝලීය පිළිගැනීම මනාව තහවුරු වේ.

    මේ වනවිට වියට්ජෙට් සමාගම තුළ  රටවල් සහ භූමි ප්‍රදේශ  68කට වඩා වැඩි ගණනකින් පැමිණි 10,000කට ආසන්න සේවකයින් සහ විශේෂඥයින් පිරිසක් සේවය කරයි. ඉන් 30%කට ආසන්න ප්‍රමාණයක් වයස අවුරුදු 20ත් 30ත් අතර පසුවන තරුණ වෘත්තිකයන් වේ. ඔවුන්ගේ නවෝත්පාදන හැකියාවන්, නිර්මාණශීලීත්වය සහ නව අදහස් වියට්ජෙට් සමාගමේ අඛණ්ඩ සංවර්ධනයට සුවිසල් දායකත්වයක් එක් කරයි.

    එමෙන්ම දිගුකාලීන දක්ෂතා සංවර්ධනයට සහය වීම සඳහා, වියට්ජෙට් සමාගම වියට්ජෙට් සිය Victoria Aviation Academy (VIAA) හරහා පුහුණු සහ වෘත්තීය සංවර්ධන කටයුතු වෙනුවෙන් විශාල වශයෙන් ආයෝජනය කරයි. එහිදී සේවකයින් හට ජාත්‍යන්තර මට්ටමේ ගුවන් සේවා පුහුණුව, නායකත්ව වැඩසටහන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් මෙහෙයවනු ලබන විශේෂිත පාඨමාලා සඳහා සහභාගී වීමට අවස්ථාව සැලසේ.

    තවද සේවක සුභසාධනය වියට්ජෙට් සමාගමේ තවත් ප්‍රමුඛතාවයකි. භෝජන ශාලා, සිනමා ශාලා, ව්‍යායාම සහ යෝගා සදහා වෙන් වූ කාමර වැනි නවීන පහසුකම්වලට අමතරව, සේවක සහභාගීත්වය සහ ආයතනික සංස්කෘතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් සංස්කෘතික, ක්‍රීඩා සහ කණ්ඩායම් ගොඩනැගීමේ වැඩසටහන් ද සමාගම විසින් සංවිධානය කරනු ලබයි

    ගතික, නිර්මාණශීලී සහ ජාත්‍යන්තර මට්ටමේ විවිධත්වයකින් යුතු ශ්‍රම බලකායකින් සමන්විත වියට්ජෙට් (Vietjet) සමාගම, ලොව ප්‍රමුඛතම, ගෝලීය වශයෙන් සම්බන්ධිත සහ පුද්ගලයින් කේන්ද්‍ර කරගත් ගුවන් සමාගමක් බවට පත්වීමේ සිය දැක්ම සාක්ෂාත් කරගනිමින්, සිය ගෝලීය තරඟකාරීත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් සිටී. මෙම නව ජයග්‍රාහී පියවර සමඟින්, ශ්‍රී ලාංකික සංචාරකයින් සඳහා වියට්නාමයේ ප්‍රධාන නගර වෙත පමණක් නොව, එරට ප්‍රධාන ගුවන් තොටුපළ ජාලය හරහා ආසියාව, ඕස්ට්‍රේලියාව සහ යුරෝපය පුරා විහිදෙන ලොව ප්‍රමුඛතම ගමනාන්ත රැසක් වෙත පහසුවෙන් සම්බන්ධ වීමේ අවස්ථාව ද උදා වනු ඇත.