November, 8, 2021
පසුගිය ජූලි 20, ඔක්තෝබර් 06 සහ 07 දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ (කෝපා කමිටුව) වාර්තා ත්‍රිත්වයට අදාළව සභාව කල් තැබීමේ විවාදය හෙට (09) පෙ.ව 10.00 සිට ප.ව 5.30 දක්වා පැවැත්වේ.
මේ අතර රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ලබන 10 වන දින කුරුණෑගල මහ නගර සභාව ද 16 වන දින ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ද කැඳවා ඇත.
තවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය මගින් සිදුකරන වෛද්‍ය සැපයුම් ක්‍රියාවලිය පිළිබඳ විගණකාධිපතිවරයාගේ විශේෂ වාර්තාව ලබන 17 වැනිදා කෝපා කමිටුවේදී සාකච්ඡා කෙරෙන අතර ලබන 19 වැනිදා පරිසර අමාත්‍යාංශය කමිටුව හමුවට කැඳවා ඇත.
මේ අතර ගල්ඔය වැවිලි සමාගම එළඹෙන නොවැම්බර් 24 දින පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා ඇත.
තවද කම්කරු කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ලබන 09 වැනිදා පෙ.ව 11.00 ට රැස්වීමට නියමිත අතර සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත් කෙටුම්පත සහ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධාන) (සංශෝධන) පනත් කෙටුම්පත එහිදි සලකා බැලීම සිදු කෙරේ. එසේම ඉඩම් පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එදිනම ප.ව 2.00 ට රැස්වීමට නියමිත අතර ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ලබන 10 වන දින ප.ව 2.00 ට රැස්වීමට නියමිතය.
නියමිත සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුකූලව අවශ්‍ය නිලධාරීන් මාර්ගගත ක්‍රමය ඔස්සේ ද සම්බන්ධ කොට ගෙන එළඹෙන සතියේ මෙම රැස්වීම් පැවැත්වීමට සැලසුම්කොට ඇත.
Video Story