ක‍්‍රිස්බ්‍රෝ අනුග‍්‍රහය ශ‍්‍රී ලාංකීය ගෘහනියන්ගේ සංගමයට

    March, 9, 2018

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම කුකුල් නිෂ්පාදන සන්නාමය වන ක‍්‍රිස්බ්‍රෝ, පසුගියදා පැවැති ගෘහණියන්ගේ සංගමයේ 59 වන මහසභා රැස්වීමට ප‍්‍රධාන අනුග‍්‍රහය දැක්වීමට ඉදිරිපත් විය. පසුගයදා ගාල්ලේදී පැවැති මෙම අවස්ථාවේදී ප‍්‍රවීණ සූපවේදී නලින් චන්දන පතිරණ විසින් ඉතා පෝෂ්‍යදායි හා රසවත් කුකු`ඵ මස් ආහාර වේලක් පහසුවෙන් සකසා ගැනීමේ ප‍්‍රදර්ශනයක් පැවැත් වු අතර ඒ ස`දහා කන්තාවන්ගේ විශේෂ අවදානයක් යොමු විය.

    එහි දී අදහස් දැක්වු සංගමයේ සභාපතිනි සුහෙයිලා හුසේන් මහත්මිය කියා සිටියේ අප මහසභා රැස්වීමට ක‍්‍රිස්බ්‍රෝ අනුග‍්‍රහය ලැබීම ඉතා අගයකරන බවත්, තම සාමාජිකයන්ගේ විශේෂ උනන්දුවක් හා ආකර්ශණයක් විශේෂයෙන්ම ස්භාවික රසයෙන් කුකුල් මස් ආහරයක් සකසා ගැනිමේ උපදෙස් වලට යොමු වූ බවත්ය. තම සංගමයේ ඉදිරි වැඩසටහන්වලටද ක‍්‍රිස්බ්‍රෝ සන්නාමය සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වන බවද ඇය පැවැසුවාය. හුසේන් මහත්මිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ ක‍්‍රිස්බ්‍රෝ විසින් මෙරටට හෝමෝන්වලින් තොර පෝෂ්‍යදායි කුකුලූ මස් ලබාදීමේ මෙහෙවර අඛණ්ඩව සිදුරනු ඇති බවට තමා විශ්වාස කරන බවයි.

    කාන්තා අයිතින් වෙනුනේ හ`ඩ නැගු ක‍්‍රියාකාරිනියක වු ලොර්නා වයිට් විසින් 1958 දී ආරම්භ කරන ලද ගෘහණියන්ගේ සංගමයට මේ වන විට ශාඛා 20ක් සහ දිවයිනපුරා සාමාජිකයන් 5000 ක් සිටියි. විවිධ සමාජ කණ්ඩායම් සමග කටයුතුු කරන සංගමය, අරමුදල් රැුස්කිරීම්, අලෙවි කටයුතු හා ප‍්‍රදර්ශන මෙන්ම සංස්කෘත‍්‍රික සැමරුම් වැනි වැඩසටහන් සිදුකරයි.

    ක‍්‍රිස්බ්‍රෝ සන්නාමයේ හිමිකාරිත්වය පවතින ෆාර්ම් ෆ‍්‍රයිඞ් ආයතයයේ  අධ්‍යක්‍ෂ ෂෆීක් සමාඞ් ප‍්‍රකාශ කරන්නේ තමන්ට ගෘහණියන්ගේ සංගමයත් සම`ග එක්ව කටයුතු කිරීම ස්භාවිකවම ගැලපීමක් බවයි. , සෑම ගෘහණියකටම පවුල ප‍්‍රමුඛ වන අතර තම පවුලට පොෂ්‍යදායී හා රසවත් ආහාර වේලක් සපයා ඇය සතුටු වනවා. නිරෝගීමත් අනාගත පරපුරක් බිහිකිරීමෙ ස`දහා ගෘහණිියගේ මෙම කාර්්‍යභාරයට පාර්ශවකරුවෙකු ලෙස දැයකවීමට ලැබීම අප අගය කරනවා , ෂෆීක් සමාඞ් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    ක‍්‍රිස්බ්‍රෝ නිෂ්පාදනවල උසස් ප‍්‍රමිතිය හා රසය මෙරට ජනතාව හොදින් හදුනයි. නව්‍යකරණය කෙරුණු නිෂ්පාදන ක‍්‍රමවේදයක් ම`ගින් උසස් තත්ත්වයේ සෞඛ්‍යාරික්‍ෂිත ප‍්‍රමීතීයෙන් හා ස්භාවික තත්වයෙන් වගාකෙරුණු තිරි`ගූ, බඩඉරු`ගු සහ වී ලබාදෙමින් මෙම කුකු`ඵ වගා කටයුතු සිදු කෙරෙයි. ෆාර්ම් ෆ‍්‍රයිඞ් ආයතයයේ සම්පූර්ණ නිෂ්පාදන ක‍්‍රියාවලිය තුලදීම ජෛව- සුරක්‍ෂිතතා මිනුම් ස්ථාපනය කරමින් ඉතා ඉහල ප‍්‍රමිතියෙන් සෞඛ්‍යාරක්‍ෂිතභාවය සුරක්‍ෂිත කෙරෙයි.