ක‍්‍රිස්බ්‍රෝ කන්තලේ සූරිය පුර ජල ගැටලූවට පිළියම් යොදමින් ග‍්‍රාමීය කෘෂි ආර්ථිකයේ තිරසරබව සවිමත් කරයි

    November, 26, 2020

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම, කන්තලේ සූරියපුර ගොවි ගම්මානයේ වාරිජල ව්‍යාපෘතියට දායක වෙමින් කන්න් දෙකම වගා කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට සමත් වී ඇත. දිගුකාලීන යුද්ධයෙන් සහ නිය`ගයෙන් පීඩාවට පත්ව සිටින කන්තාලේ සූරිය පුර සහ හැළඹයාය යන ගම්මානයන්හි ජීවත්ව ජනතාවගේ කෘෂිකාර්මික ජල අවශ්‍යතාව බොහෝ කාලයක් මුළුල්ලේ ගම්වාසීන් මුහුණදුන් ප‍්‍රධාන ගැටලූවක් වූ අතර ක‍්‍රිස්බ්‍රෝ සමාගම ගැමි ජනතාවගේ අවශ්‍යතාව අවබෝධ කර ගනිමින් ගොවි සමිති, මහවැලි ව්‍යාපාරය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා එක්ව ස්ථිර ඇළ මාර්ගයක් සූරිය පුර හා හැළඹයාය යන ප‍්‍රදේශයන් වෙත ලබා දුන් අතර මේ අනුව යල සහ මහ යන දෙකන්නයම වගා කිරීමට මේ අනුව මෙම ප‍්‍රදේශයන්හි ගොවි ජනතාවට හැකි වී ඇත.

    මහවැලි ග`ග මෙම ගම්මානයන් පසුකරගෙන ගලා ගියද ප‍්‍රධාන ගංගාවේ සිට කිලෝමීටර් 4ක දුර ප‍්‍රමාණයකට ඇළක් නිර්මාණය කර ඉන් ජලය ලබා ගැනීමේ හැකියාව ගොවි සංවිධාන සඳහා නොවීය. මේ පිළිබඳව ඔවුන් කිහිප වරක් දේශපාලන අධිකාරිය දැනුවත් කළද එයද ඵලදායී නොවීය. ක‍්‍රිස්බ්‍රෝ සමාගම කන්තලේ සූරිය පුර ආශ‍්‍රිතව මහපරිමාණ ගොවිපළක් පවත්වාගෙන යන අතර එය මුළුමනින්ම බිත්තර වී නිෂ්පාදනයට යොදා ගෙන ඇත. හැළඹයාය ගොවි සමිතිය විසින් ක‍්‍රිස්බ්‍රෝ සමාගමෙන් සිදු කළ ඉල්ලීමකට අනුව ක‍්‍රිස්බ්‍රෝ විසින් මෙම ඇළ මාර්ගය නිමවන ලදි. මේ සඳහා තාක්ෂණික සහ අනුමැතීන් ලබාදීමට මහවැලි ව්‍යාපාරය සහ වාර්මාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදි. ක‍්‍රිස්බ්‍රෝ සමාගම සතු අතිනවීන කැණීම් යන්ත‍්‍ර සහ භූමි මෙහෙයුම් උපකරණ ^earth moving equipment&  නොමිලේ මෙම ව්‍යාපෘතියට ලබා දීමට කටයුතු කළේය.

    මේ පිළිබඳව අදහස් දක්වන කන්තලේ හැළඹයාය ගොවි සමිතියේ සභාපති ජී.ජී බන්දුල මහතා ‘‘ යුද්ධයෙන් අනතුරුව යල සහ මහ කන්නය වගා කිරීමට ගොවිජනතාව නිතර උත්සාහ ගත්තත් වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය ප‍්‍රමාණවත් පරිදි ලබා ගැනීමේ මාර්ගයක් අපට තිබුණේ නැහැ. වැසි ජලයත් අවිනිශ්චිත මට්ටමක පවතින නිසා වසරේ වැඩි කාලයක් මේ ප‍්‍රදේශ නිය`ගයට ගොදුරු වනවා. මේ තත්වය නැති කිරීමට වසර පුරාම මහවැලි ගංගාවෙන් ජලය ලබා ගත හැකි මාර්ගයක් ලෙසට ප‍්‍රධාන ගංගංාවේ සිට කිලෝමීටර් 4ක ඇළ මාර්ගයක් තැනීම අත්‍යාවශ්‍ය වුනා. මේ ව්‍යෘතිය සාර්ථක කර ගැනීම සඳහා විවිධ ක‍්‍රියාමාර්ග ගත්තත් අවසානයේදී ක‍්‍රිස්බ්‍රෝ සමාගම මීට මැදිහත් ව සිය දායකත්වය දැක්වීම නිසා දිගුකාලයක් තිස්සේ සිහිනයක් වූ අපේ අරමුණක් යථාර්ථයක් කර ගැනීමට අපට හැකි වුනා’’ යනුවෙන් පැවසීය.

    කුකුළු ගොවිපල, සහ මහාපරිමාණයේ වී සහ බඩ ඉරි`ගු කෘෂි බිම් පවත්වාගෙන යෑම තුළින් නව රැුකියා අවස්ථා උත්පාදනය කිරීමට සහ එමගින් ග‍්‍රාමීය දරිද්‍රතාව පහළට ගෙන ඒම සඳහා ක‍්‍රිස්බ්‍රෝ සිය දායකත්වය ලබා දී ඇත.

    මේ පිළිබඳව අදහස් දක්වන හි ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාර අමෝරේස් සෙලර් මහතා ‘‘ ක‍්‍රිස්බ්‍රෝ හි ආයතනික වටිනාකම් අතර ඉදිරියෙන්ම තිබෙන ග‍්‍රාමීය ආර්ථය නංවාලීමේ ව්‍යාපෘති සඳහා නිතැතින්ම සමාගමේ ඉහළම අවධානය යොමුවී තිබෙනවා. විශේෂයෙන්ම නව ව්‍යවසායකයින් බිහිකිරීම පමණක් නොව කෘෂිකාර්මික යටිතල පහසුකම් නංවාලීමට උරදීම තුළ ග‍්‍රාමීය දරිද්‍රතාව අවම කිරීමට ක‍්‍රිස්බ්‍රෝ දේශීය සමාගමක් ලෙස සුවිශාල දායකත්වයක් දක්වා තිබෙනවා. කන්තලේ සූරියපුර හා මේ ආශ‍්‍රිත ප‍්‍රදේශයන්ගේ ජන ජීවිතය නංවාලීමට නව ව්‍යවසායන් ආරම්භ කිරීමට අතහිතදීම, නව රැකියා අවස්ථාවන් උත්පාදනය සහ කෘෂිකාර්මික යටිතල පහසුකම් නැංවීමට කටයුතු කිරීම යන මාර්ග ඔස්සේ එම අභිමතාර්ථයන් සාක්ෂාත් කර ගැනීමට ක‍්‍රිස්බ්‍රෝ කටයුතු කර තිබෙනවා ’’ යනුවෙන් පැවසීය.

    වෙළෙඳපොල ප‍්‍රමුඛයා වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වර්ෂ 1972 දී කුකුළු පැටවුන් 100 කින් ඉතා කුඩාවට ඇරඹු ක‍්‍රිස්බ්‍රෝ ආයතනය අද වන විට තත්ත්වයෙන් සහ ගුණාත්මක බවින් යුත් අංක එක කුකුල් මස් නිෂ්පාදකයා වීමට හැකිවී තිබේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට අතිනවීන යන්ත‍්‍ර සුත‍්‍ර භාවිතයෙන් සම්පූර්ණයෙන්ම පරිඝනකගතව ^vertically-integrated&  තම නිෂ්පාදන ක‍්‍රියාවලිය සිදුකරනු ලබයි. එසේම කුකුළු පරම්පරාවන් අශ‍්‍රිතව ගොවිපළ පවත්වාගෙන යාම, අභිජනන මධ්‍යස්ථාන, බ්‍රොයිලර් ගොවිපළ, සහ කුකුළු ආහාර සැකසුම් මධ්‍යස්ථාන ද පවත්වාගෙන යමින් මනා කළමනාකාරිත්වයෙන් යුතුව තම ව්‍යාපාරයන්හී නිරත වන ආයතනයක් ලෙස ක‍්‍රිස්බ්‍රෝ හැඳින්විය හැක. විශේෂයෙන් ගොවිපලෙන් කෑම මේසයට ^FARM TO FORK& යන සංකල්පය ක‍්‍රිස්බ්‍රෝ හී සාර්ථකත්වයට හේතු වූ තවත් ප‍්‍රධාන කරුණක් ලෙස සැලකිය හැක.ක‍්‍රිස්බ්‍රෝ සමාගම මේ වනවිට සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ටම ප‍්‍රතිලාභ රැසක් උදා කර දී ඇත. එහි කොටස් හිමියන්ට, දේශීය බඩ ඉරිඟු ගොවීන්ට, සෘජුව සහ වක‍්‍රාකාරව රැකියා සපයමින් ශ‍්‍රී ලාංකික රැකියා ක්ෂේත‍්‍රයට,අවසාන වශයෙන් සමස්ත රටටම මෙහි ප‍්‍රතිලාභ උදා කර දී ඇත.