August, 9, 2023
ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් දිවයිනේ දසත විසිරි සිටින ඛනිජ අපනයනකරුවන්ගේ ඒකාබද්ධතාවයෙන් යුතුව නව වාණිජ මණ්ඩලයක් පසුගියදා ස්ථාපිත කළ බව එම වාණිජ මණ්ඩලය නිවේදනය කරයි.
ඛනිජ අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය (The Chamber of Mineral Exporters -CME Chamber) නම් වු මෙම නව වාණිජ මණ්ඩලය මගින් ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් කර්මාන්තයේ කාර්යක්ෂමතාව සහ තරඟකාරිත්වය ඉහළ නැංවීම මෙන්ම ඉහළ වටිනාකමක් ඇති රැකියා අවස්ථා නිර්මාණය කිරීමට සහ නව දැනුම හුවමාරු කිරීමට දායකත්වය දෙන අතරම ඛණිජ සඳහා දේශීයව අගය එකතු කිරීම සහතික කිරීම සඳහා උපරිම ලෙස දායක වෙමින් ශ්‍රී ලංකාව සඳහා උපරිම වටිනාකම රඳවා ගැනීම ප්‍රමුඛත්වයෙහිලා කටයුතු කරන බව බව එම වාණිජ මණ්ඩලය සදහන් කරයි.
ඛනිජ අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය (CME Chamber) නිල වශයෙන් දියත් කරන ලද්දේ ඛනිජ සහ ඛනිජ පාදක නිෂ්පාදන කැණීම්, සැකසුම්, අගය එකතු කිරීම සහ අපනයනය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සමාගම් වලින් සමන්විත සහයෝගීතා මුලපිරීමක් වශයෙන් බව මේ පිළිබඳව අදහස් දක්වමින් එහි ආරම්භක සභාපති අමිල ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.
CME දියත් කිරිමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ,
“ආර්ථික වර්ධනය, රැකියා සහ තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ප්‍රයෝජනයට ගැනීම වාණිජ මණ්ඩලයේ අරමුණයි. ජවසම්පන්න ඛනිජ සම්පත් කර්මාන්තයක් සඳහා ප්‍රධාන අපනයනකරුවන් ඒකාබද්ධ කිරිමට මෙම නව වාණිජ මණ්ඩලය හරහා අපිට හැකි විම කර්මාන්තයේ උන්නතිය දෙස සැලකිමෙිදි එය ඉතා ඉහළ සන්ධිස්ථානයක් ලෙස අපට සලකන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ පවතින ඛනිජ ලවණ, එහි ගෝලීය ප්‍රවේශ හැකියාවන් දෙස සැලකිලිමත් විසේදි රටේ ජාත්‍යන්තර වෙළෙඳපොළ පුළුල් කිරිමට වැඩ් අවස්ථාවක්ද ලබා දෙයි. සම්පත් ඵලදායී ලෙස උපයෝගී කර ගනිමින් ඛනිජ සම්පත් කර්මාන්තයේ වර්ධනය, නවෝත්පාදන සහ තිරසාර සංවර්ධනයක් ඇති කිරීම වාණිජ මණ්ඩලයේ අරමුණයි. ” සභාපති අමිල ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
උප සභාපති ඒ එෆ් එම් ෆාරුක් මහතා වාණිජ මණ්ඩලයේ අරමුණු තවදුරටත් පැහැදිලි කරමින් මෙසේ කිය.
ජයසිංහ තවදුරටත් පැහැදිලි කළේ තම සංගමයේ සහයෝගී ප්‍රයත්නය හේතුවෙන් ඔවුන්ගේ කර්මාන්තයේ ප්‍රතිලාභ නැවත රටට ගෙන යා හැකි බවයි. ඔවුන්ගේ ගමනේ ඇති නොයෙකුත් බාධක සහ අනිකුත් සීමා හේතුවෙන් කර්මාන්තයේ ප්‍රගතිය බෙහෙවින් අඩාල වූ බවත්, ඒ අතරේ
ස්වකිය කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරිමට බලාපොරොත්තුවන බවත් ඒ හරහා රටේ අත්‍යවහ්‍ය ඛනිජ අපනයන කර්මාන්තයේ උන්නතියට සෘජුව බලපාන පහත සදහන් දෑ කෙරෙහි රජයේ වැඩ් අවධානය අපේක්ෂා කරන බවද වාණිජ මණ්ඩලය පවසයි.
CME හි ආරම්භක විධායක කමිටුව පහත සදහන් නියෝජිතයින්ගෙන් සමන් විත වේ. අමිල ජයසිංහ මහතා - සභාපති / අධ්‍යක්ෂ Bogala Graphite Lanka PLC, AFM ෆාරුක් මහතා - උප සභාපති / අධ්‍යක්ෂ CeyQuartz MBI (Pvt) Ltd, ආචාර්ය සඳුන් දල්පතාදු මහතා - ලේකම් / අධ්‍යක්ෂ Damsila Resources (Pvt) Ltd., යාසීර් නිසාම් මහතා – භාණ්ඩාගාරික / අධ්‍යක්ෂක Mirama Quartz Industries (Pvt) Ltd, ෆාහිම් නවුෆල් මහතා – අධ්‍යක්ෂක Alchemy Heavy Metals (Pvt) Ltd සහ උදේෂා බෝපිටිය මහත්මිය – අධ්‍යක්ෂක Lanmic Exports (Pvt) Ltd.
Video Story