ගමනාගමනයේ අනාගතය විදුලියෙන් බලගන්වමින් TVS ලංකා පුද්ගලික සමාගම TVS ORBITER ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

    August, 25, 2026

    යතුරු පැදි සහ ත්‍රිරෝද රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන TVS ලංකා පුද්ගලික සමාගම විසින් සිය නවතම විද්‍යුත් ස්කූටරය වන TVS Orbiter, 2026 අගෝස්තු මස 14 වන දින නෙලුම් කුළුණ පරිශ්‍රයේදී ශ්‍රී ලංකා වෙළෙඳපොළට නිල වශයෙන් හඳුන්වා දෙන ලදී.

    ගමනාගමනය වඩාත් පහසු, කාර්යක්ෂම සහ සුවපහසු අත්දැකීමක් බවට පත් කිරීම සඳහා නිර්මාණය කර ඇති TVS Orbiter, එක් ආරෝපණයකින් කිලෝමීටර් 158 IDC ධාවන පරාසයක් ලබාදෙන අතර, Cruise Control, Hill Hold Assist, ලීටර් 34ක ඉඩකඩ සහිත ගබඩා පහසුකම සහ නවීන තාක්ෂණික පහසුකම් රැසකින් සමන්විත වේ. අඟල් 14 ඉදිරිපස රෝදය මඟින් වඩාත් ස්ථාවර ධාවනයක්, පහසු පාලනයක් සහ වැඩි සුවපහසුවක් ලබාදෙමින්, සෑම ගමනක්ම වඩාත් සුමට සහ විශ්වාසදායක අත්දැකීමක් බවට පත් කරයි.

    නවීන තාක්ෂණය සහ ප්‍රායෝගික පහසුකම් රැසකින් සමන්විත TVS Orbiter, සෑම ගමනක්ම වඩාත් පහසු සහ සුවපහසු අත්දැකීමක් බවට පත් කරයි. විශේෂ ජංගම යෙදුම, visor එකකින් සමන්විත ඉදිරිපස LED ප්‍රධාන ලාම්පුව සහ incoming calls පෙන්වන වර්ණ LCD තිරය වැනි පහසුකම් එහි නවීනත්වය තවදුරටත් ඉහළ නංවයි. 3.1 kWh බැටරියකින් බලගැන්වෙන TVS Orbiter හි වැඩිදියුණු කළ වායුගතික නිර්මාණය (Aerodynamic design) මඟින් වැඩි ධාවන පරාසයක් සමඟ ස්ථාවර, සුමට සහ කාර්යක්ෂම කාර්යසාධනයක් ලබාදෙයි. මේ සමඟ TVS හි ශක්තිමත් අලෙවියෙන් පසු සේවා ජාලය එක්වීමෙන්, පාරිභෝගිකයින්ට දිගුකාලීනව විශ්වාසයෙන් යුතුව TVS Orbiter භාවිත කිරීමේ අවස්ථාව හිමි වේ.

    TVS ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගීතාල් ඇන්තනී මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

    ශ්‍රී ලංකාවේ විද්‍යුත් යතුරුපැදි සඳහා ඇති පාරිභෝගික උනන්දුව වේගයෙන් ඉහළ යමින් පවතින අතර, එය වඩාත් තිරසාර සහ අනාගතයට ගැළපෙන ප්‍රවාහන විසඳුම් වෙත ජනතාවගේ අවධානය යොමුවෙමින් පවතින බව පැහැදිලිව පෙන්නුම් කරයි. මෙම පරිවර්තනයට සක්‍රීයව දායක වන සමාගමක් ලෙස, ශ්‍රී ලංකාවේ විද්‍යුත් යතුරුපැදි ක්ෂේත්‍රය තුළ තවදුරටත් වර්ධනය වීමට TVS ලංකා වෙත විශාල අවස්ථාවක් පවතින බව අපි විශ්වාස කරමු.

    TVS iQube සාර්ථකව අලෙවි වීමත් සමග, TVS Orbiter හඳුන්වාදීම ශ්‍රී ලංකාවේ Lithium-ion විද්‍යුත් වාහන ක්ෂේත්‍රය තුළ TVS ලංකා හි ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරන වැදගත් පියවරක් වේ. නවීන තාක්ෂණය, ප්‍රායෝගිකත්වය සහ ආකර්ෂණීය නිමාව එකට එක් කළ TVS Orbiter, ශ්‍රී ලංකාවේ නව පරපුරේ ගමනාගමන අවශ්‍යතා සඳහා වඩාත් සුදුසු විද්‍යුත් ස්කූටරයක් බව අපි විශ්වාස කරමු.

    අපගේ අවධානය හොඳ නිෂ්පාදනයක් වෙළෙඳපොළට හඳුන්වාදීමට පමණක් සීමා නොවේ. දිවයින පුරා ශක්තිමත් අලෙවි ජාලයක්, විශ්වාසදායක අලෙවියෙන් පසු සේවාවක්, අවශ්‍ය අමතර කොටස් පහසුවෙන් ලබාගැනීමේ හැකියාව සහ විදුලි වාහන පිළිබඳ විශේෂ පුහුණුව ලැබූ කාර්මික ශිල්පීන් සමඟින් පාරිභෝගිකයින්ට සම්පූර්ණ සහ විශ්වාසදායක සේවා අත්දැකීමක් ලබාදීමට අපි අඛණ්ඩව ආයෝජනය කරමින් සිටිමු.

    TVS Orbiter මිලදී ගැනීමෙන් පසු සෑම අදියරකදීම පාරිභෝගිකයින්ට විශ්වාසයෙන් යුතුව සහාය වීම අපගේ ප්‍රමුඛ අරමුණයි. දිවයින පුරා සිටින පාරිභෝගිකයින්ට TVS Orbiter පහසුවෙන් මිලදී ගැනීමට හැකියාව සලසා දීමත්, එය භාවිතා කරන සෑම අවස්ථාවකදීම විශ්වාසදායක සහ සුවිශේෂී හිමිකාරීත්ව අත්දැකීමක් ලබාදීමත් අපගේ කැපවීමයි.

    මිලිමීටර් 845ක දිගු පැතලි ආසනය, මිලිමීටර් 290ක සෘජු පා තබන තට්ටුව සහ ලීටර් 34ක ගබඩා ඉඩ සමඟින් TVS Orbiter සුවපහසුව සහ දෛනික භාවිතයේ ප්‍රායෝගිකත්වයද ඉහළ නංවයි. එමෙන්ම, Hill Hold Assist, Cruise Control, Parking Assist, Navigation සහ ජංගම දුරකථනය සමඟ සම්බන්ධ වන පහසුකම් ඇතුළු නවීන තාක්ෂණික විශේෂාංග රැසක් මඟින් වඩාත් පහසු සහ විශ්වාසදායක ධාවන අත්දැකීමක් ලබාදෙයි.

    ආරක්ෂාවද ප්‍රමුඛත්වයට ගෙන ඇති TVS Orbiter හි Crash සහ Fall Alerts, Live Location Tracking, Anti-theft, Geofencing සහ Towing Alerts වැනි පහසුකම් ඇතුළත් වේ. මිලිමීටර් 169ක ground clearance, LED lighting සහ USB charging පහසුකමද එහි සමස්ත ධාවන අත්දැකීම තවදුරටත් ශක්තිමත් කරයි.

    Neon Sunburst, Stratos Blue, Cosmic Titanium සහ Martian Copper යන ආකර්ෂණීය වර්ණ හතරකින් ලබාගත හැකි TVS Orbiter, ශ්‍රී ලංකාව පුරා TVS යතුරු පැදි අලෙවි නියෝජිත වරුන්ගෙන් රුපියල් 599,000ක හඳුන්වාදීමේ මිලකට දැන් ලබාගත හැකිය.

    Video Story

    Stock Market

    Exchange Rates