ග්‍රීන් කාඩ් ලොතරැයි පද්ධතිය හැක් කර නැහැ- ඇමරිකාවෙන් නිවේදනයක්

    October, 17, 2017

    සියලු අයදුම්පත් යළි සලකා බලන්නැයි ඉල්ලයි

    තාක්ෂණික ගැටළු හේතුවෙන් DV-2019 ලියාපදිංචිය නැවත ආරම්භ කර ඇති අතර 2017 ඔක්තෝබර් 18 දිනට පෙර සිදු කළ සියලු ප්‍ර වේශයන් නැවත සලකා බැලිය යුතු බව එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කර සිටී.

    මෙහිදී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටින්නේ මෙම ගැටලුව සිදු වී ඇත්තේ, කිසියම් සීමිත අවස්ථාවල දී අවසර දී ඇති සුදුසුකම් ලැබූ රටට නිසි වගවීම සඳහා සුදුසුකම් නොලැබූ පුද්ගලයෙකු තම උපන් ස්ථානය හැර වෙනත් සුදුසු රටක් තෝරා ගැනීම යන කරුණ මත බවයි. තවද මෙය බාහිර ඇඟිලි ගැසීම් ‍හෝ අනවසරයෙන් වෙබ් පිටුවට පිවිසීමක ප්‍රතිඵලයක් නොවන මෙහිදී අවධාරණය කර සිටී.

    මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සිංහල පිටපත පහත දැක්වේ.