ගාල්ලට කාමර 100 ක තවත් සුපිරි හෝටලයක්

    August, 22, 2014

    Asia Capital PLC සමාගමට අයත් Asia Leisure සමාගම විසින් ජපාන ආයෝජනයක්ද සමගින් රුපියල් බිලියන 1.8 ක වියදමින් කාමර 100 ක සුඛෝපභෝගී හෝටලයක් ගාල්ලේ ඉදිකිරීමට සූදානම් වේ.

    සමාගම පවසන්නේ මෙම හෝටලය ගාල්ලේ මුහුදු වෙරළට මායිම් වූ අක්කර දෙකක ඉඩමක ඉදිකරන බවත් මෙම ඉඩම සමාගම විසින් මේ වසර මුලදී මිලදීගත් එකක් බවයි.

    මෙම හෝටලයේ ඉදිකිරීම් වියදම් වලින් සියයට 50 ක් Asia Leisure සමාගම විසින් දරන අතර ඉතිරි සියයට 50 ක ප්‍රමාණය ආයෝජනය කරන්නේ ජපාන ආයෝජකයින් දෙදෙනෙකු විසිනි.

    හෝටලයේ ඉදිකිරීම් මේ වසර අවසානයේදී ආරම්භ කර 2016 වසරේදී අවසන් කිරීමට සැලසුම් කර තිබේ.