ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක නැවතත් වර්ධන කලාපයට

    April, 18, 2023

    නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය මාස නවයක්‌ අඛණ්ඩව පහත වැටීමෙන් පසු, 2023 මාර්තු මාසයේ දී 51.4ක දර්ශක අගයක් වාර්තා කරමින් වර්ධන මාවතට අවතීර්ණ විය. පෙර මාසයට සාපේක්ෂ මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් උත්සව සමයේ ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් නව ඇණවුම් සහ නිෂ්පාදන යන උප-දර්ශකයන්ගේ ඉහළ යෑම දායක විය. එසේ වුවද, සේවා නියුක්තිය, තොග මිලදී ගැනුම්, සහ ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය යන උප-දර්ශක කඩඉම් මට්ටමට වඩා පහළින් පැවතුනි.

    නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යෑම කෙරෙහි ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශය ප්‍රධාන වශයෙන් දායක වූ අතර, එළඹෙන උත්සව සමය ඉලක්ක කරගනිමින් පසුගිය මාසවලට සාපේක්ෂව ඉහළ ඉල්ලුමක් පැවති බව බොහෝ ප්‍රතිචාර දක්වන්නන් සඳහන් කරන ලදී. එසේ වුවද, විශ්‍රාම ගැනීම් සහ ඉල්ලා අස්වීම් නිසා ඇති වූ පුරප්පාඩු නොපිරවීම වැනි හේතු නිසා සේවා නියුක්තිය අඛණ්ඩව පහත වැටුණි. තවද, ඉදිරි කාලය තුළ අමුද්‍රව්‍ය මිල පහත වැටීමක් අපේක්ෂා කිරීම හේතුවෙන් සමහර සමාගම් නව මිලදී ගැනීම් ප්‍රමාද කරමින් තමන් සතු  අමුද්‍රව්‍ය තොග භාවිතා කිරීමට පෙළඹුනු බැවින් මාර්තු මාසයේදී ද තොග මිලදී ගැනුම් අඩු විය. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුල දී සුළු වශයෙන් අඩු විය.