ගෑස් ඔයිල් – ඩීසල් සඳහා රු. 13 ක නිෂ්පාදන බද්දක්

    August, 26, 2016

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නවතම නිවේදනයකට අනුව ගෑස් ඔයිල්/ ඩීසල් සඳහා ලීටරයකට රු. 13.00 ක නිෂ්පාදන බද්දක් පනවා ඇති බව සඳහන් වේ. මීට පෙර මෙලෙස අය කර තිබෙන බද්ද ලීටරයකට රු. 3.00 කි.

    2016 අගෝස්තු 19 වැනි දින නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව මෙම නිෂ්පාදන බදු අනුප්‍රමාණයන් 2016 අගෝස්තු 20 වන දින සිට ගෙවිය යුතු බව සඳහන්ව ඇත.

    මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා මහතා කියා සිටියේ මෙම බදු අය කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි. එසේම තම ව්‍යාපාරය සඳහා එමඟින් විශාල බලපෑමක් නොවන බවද හෙතෙම මෙහිදී පැවසීය.

    පහත දැක්වෙන්නේ මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද එම නිවේදනයයි.