ගෑස් මිල 84%කින් ඉහළට – ඉතිහාසයේ වැඩිම මිල වැඩිවීම

    October, 11, 2021

    මෙරට ඉතිහාසයේ තනි අවස්ථාවක දී ගෑස් මිලෙහි සිදුකරන ලද ඉහළම මිල වැඩිකිරීම ඉරිදා (10) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කර සිටී. මෙහිදී පැවති ‌මිලට වඩා 84%කින් මිල වැඩිවීමක් සිදුව ඇත.

    ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 1,493 සිට රු. 2,750 ක් දක්වා  1,257කින් වැඩිකර තිබේ.

    එසේම කිලෝග්‍රෑම් 5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රු. 598 සිට රු. 1,101ක් දක්වා රු. 503 කින් ද,

    කිලෝග්‍රෑම් 2.5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රු. 289 සිට රුපියල් 520ක් දක්වා රුපියල් 231කින්ද වැඩි කිරීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.

    Video Story

    Latest News

    Stock Market

    Exchange Rates