ගුවන් ධාවන පථය අළුත් වැඩියා කිරීමේ ඩො.මි. 85 ක Access Engineering කොන්ත්‍රාත්තුව අවලංගු කරයි

    March, 19, 2015

    කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් යානා ධාවන පථය අළුත් වැඩියා කිරීම සඳහා ඇක්සස් ඉංජිනියරිං (Access Engineering) සමාගමට ලබාදුන් ඩොලර් මිලියන 85 ක කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට තීරණය කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පැවසුවේ මෙම ව්‍යාපෘතිය සඳහා මෙම සමාගමට පළපුරුද්දක් නොමැති බවයි.

    මෙම කොන්ත්‍රාත්තුව ලබාදීම තරගකාරී ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කිරීමකින් තොරව හා විනිවිදභාවයකින් තොරව සිදුවී ඇතැයි තහවුරු වී තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    මේ අනුව, මෙම කොන්ත්‍රාත්තුව අවලංගු කිරීම සඳහා වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග ඉදිරිපත් කර තිබෙන යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ.