‘ගෙදරට තෑගි’ වැඩසටහනින් කොමර්ෂල් බැංකුවේ පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන්ට විශිෂ්ඨ ප‍්‍රතිලාභ

    January, 24, 2017

    සුපිරි ත්‍යාගය ලෙස Datsun Redi-GO මෝටර් රථයක් සමග රුපියල් මිලියන 04 කට අධික තෑගි

    2017 වසරේදී කොමර්ෂල් බැංකුව හරහා පේ‍්‍රෂණ මුදල් ගෙන්වා ගැනීමට තවත් වාසනාවන්ත හේතූන් 101 ක් උදාවී ඇත.

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව මගින් පේ‍්‍රෂණ මුදල් ලබාගන්නා ගනුදෙනුකරුවන් ජයග‍්‍රාහකයින් කිරීම සඳහා මෝටර් රථයක්, ස්කූටර් හතරක්, LED ටී.වී. 12 ක්, මුදල් ත්‍යාග 84 ක් සහිත ත්‍යාග 101 ක් ඇතුළත් වූ ‘ගෙදරට තෑගි’ ප‍්‍රවර්ධන වැඩසටහන බැංකුව විසින් 2017 ජනවාරි 18 වනදා එළි දක්වන ලදී.

    මේ අනුව, කොමර්ෂල් බැංකුවට අයත් ඊ-එක්ස්චේන්ජ් මුදල් හුවමාරු සේවාව මෙන්ම මනිග‍්‍රෑම්, එක්ස්ප‍්‍රස් මනී සහ රියා පේ‍්‍රෂණ සේවාවන් ඔස්සේ 2017 ජනවාරි 01 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා පේ‍්‍රෂණ මුදල් ලබාගන්නා ගනුදෙනුකරුවන් මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ සෑම මාස 3කට වරක්ම පවත්වන දිනුම් ඇදීම් සඳහා සුදුසුකම් ලබයි.

    වීසා සන්නාමය සහිත ඩෙබිට් කාඞ්පතක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් පතක් ලෙස භාවිතා කළ හැකි කොමර්ෂල් බැංකුවේ Remittance පතක් හිමි අදාළ වසරේදී කොමර්ෂල් බැංකුව හරහා පේ‍්‍රෂණ මුදල් ලබාගන්නා ගනුදෙනුකරුවන්ට මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ තමන්ගේ දිනුම් අවස්ථාවන් දෙගුණ කර ගැනීමේ අවස්ථාව හිමිවේ.

    කාර්තු තුනකදී පැවැත්වෙන මෙම දිනුම් ඇදීම් 2017 අපේ‍්‍රල්, ජූලි සහ ඔක්තෝම්බර් යන සෑම මාසයකම 17 වනදා සිදුකිරීමට කටයුතු කරන අතර මෙම සෑම දිනුම් ඇදීමකදීම ස්කූටරයක්, LED ටී.වී. තුනක් සහ රුපියල් 10,000 ක් බැගින් වන මුදල් ත්‍යාග 21 ක් දිනා ගැනීමේ අවස්ථාව හිමිවේ. අවසාන මහා දිනුම් ඇදීම 2018 ජනවාරි 17 වනදා සිදුකරන අතර එහිදී ඉහත දැක්වූ ත්‍යාග සමග සුපිරි ත්‍යාගය ලෙස Datsun Redi-GO මෝටර් රථයක් පිරිනමනු ඇත.

    ‘‘පේ‍්‍රෂණ සඳහා පාරිභෝගිකයින්ගේ ප‍්‍රියතම බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වීමට බොහෝ හේතු තිබෙනවා,’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ඊ- බැංකුකරණ සහ පේ‍්‍රෂණ අංශයේ ප‍්‍රධාන කළමනාකරු, ප‍්‍රදීප් බන්දුවංශ මහතා පැවසීය. ‘‘අපි සෑම වසරකදීම උත්සාහ කරන්නේ පේ‍්‍රෂණ හිමිකරුවන්ට ලබාදෙන සේවාවේ අගය වැඩි දියුණු කරමින් ඔවුන්ට අර්ථවත් ආකාරයෙන් ප‍්‍රතිලාභ ලබාදීමටයි. මේ වසරේ ‘ගෙදරට තෑගි’ ප‍්‍රවර්ධන වැඩසටහන බොහෝ දෙනාගේ අවධානයට ලක්වේවි.’’

    පේ‍්‍රෂණ අංශයේ මෙරට වඩාත් ක‍්‍රියාකාරී බැංකුවක් වන කොමර්ෂල් බැංකුව තම අති නවීන අන්තර් ජාල මුදල් හුවමාරු සේවාව වන ‘ඊ-එක්ස්චේන්ජ්’ සේවාවට අමතරව මනිග‍්‍රෑම්, රියා සහ එක්ස්ප‍්‍රස්මනි පේ‍්‍රෂණ සේවා ඇතුලූ අන්තර්ජාතික පේ‍්‍රෂණ සේවා ගනුදෙනුකරුවන්ටද ලබාදෙයි.

    බැංකුවේ ශක්තීන්ගෙන් ප‍්‍රධාන එකක් වන්නේ දිවයින පුරා විහිදුණු ශාඛා 256 ක ජාලය වන අතර මේවායින් බොහෝ සංඛ්‍යාවක් රජයේ වෙළඳ සහ බැංකු නිවාඩු දිනයන්හිදීත් විවෘතව පවතී. මීට අමතරව, ටෙලර් යන්ත‍්‍ර 659 කින් සමන්විත බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර පද්ධතිය ශ‍්‍රී ලංකාවේ බැංකුවක් සතුව තිබෙන ස්වයංක‍්‍රීයව මුදල් නිකුත් කිරීමේ විශාලතම පද්ධතිය වේ. බැංකුව සතුව තිබෙන 65 කට අධික නිවාඩු දින බැංකු මධ්‍යස්ථාන, පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන් වෙනුවෙන්ම වෙන්වූ පාරිභෝගික සහාය ඇමතුම් මධ්‍යස්ථානය සහ පේ‍්‍රෂණ මුදල් පැමිණි විට සහ ගෙවූ විට ඒ පිළිබඳව කෙටි පණිවුඩයකින් දැනුම් දීමේ සේවාවන් ඇතුළු සේවාවන් රැසක පහසුව භුක්ති විඳීමේ අවස්ථාව කොමර්ෂල් බැංකුවේ පේ‍්‍රෂණ මුදල් ගනුදෙනු කරුවන්ට ලබාදී ඇත.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් සම්මාන රැුසක් ප‍්‍රදානය කර තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.
    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 18 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී මාලදිවයින තුළ පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, 2016 නොවැම්බර් මාසයේදී බැංකුව විසින් තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ ආරම්භ කරන ලදී.

    කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකු අංශයේ සැන්ඩ‍්‍රා වල්ගම මහත්මිය (වමේ) සහ බැංකුවේ ආයතනික සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයින් ‘ගෙදරට තෑගි’ ප‍්‍රවර්ධන වැඩසටහන දියත් කිරීමේ අවස්ථාවේදී.