ගෝයෝ ව්‍යායාම ගැන දැනුවත් කරයි

    July, 26, 2018

    කොළඹ අවට පදික මාරුවල සිද්ධවුණු අමුතුම ආකාරයේ සිදුවීමක් පසුගිය දා වාර්තා විය. එනම්, පදික මාරුවල මාර්ග සංඥා ක්‍රියාත්මක වෙනතුරු හිඳ පදික මාරුවල එහාට මෙහාට මාරුවන යුවලක් පසුගිය දින දෙකේදී කොළඹ නගරය අවට දැකගත හැකි වීමයි.

    මෙම යුවල මේ ආකාරයට මාර්ග සංඥාවල නවත්වාගෙන සිටින වාහනවලට වෙනස්ම විදිහෙ මතක් කිරීමක් කළහ. එනම්, විනාඩි 22ක් නිවැරදි ව්‍යායාම කරන්න යන්නයි.

    මෙම පණිවිඩය ලබාදීමට කටයුතු කළේ මෙරට අංක එකේ ශරීර සුවතා සන්නාමයක් වන ගෝයෝ විසිනි. ඔවුන් පවසන ආකාරයට කෙනෙකුගේ ශරීරයේ තිබෙන මේදය ප්‍රමාණය දහනය දහනයවීම ආරම්භ වන්නේ විනාඩි 22ක් ව්‍යායාම කිරීමෙන් පසුවයි. ව්‍යායාම කළ ද බොහෝ දෙනෙක් තමන්ගේ ශරීරයේ ස්ථුල භාවය අඩු වෙන්නේ නැතැයි කීමට හේතුව හේතුව විනාඩි 22කට වඩා අඩු කාලයක් ව්‍යායාම කිරීම බවයි වැඩිදුරටත් ඔවුන් පවසන්නේ.