ගෝලීය තිරසර සංවර්ධනය සක්‍රිය කිරීම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය සතු වගකීමක්

    July, 30, 2018

    Huawei විසින් පසුගියදා එළිදක්වන ලද  2017 වසරේ තිරසරභාවය පිළිබඳ වාර්තාව මඟින්  ක්ෂේත්‍ර රැසක් වෙත අවධානය යොමු කර තිබේ. ඩිජිටල් තාක්ෂණය හෙවත් පරිගණක සහ අන්තර්ජාලය වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව මහජනතාවට ලබාදීමේදී ඇතිවෙන භූගෝලීය ඇතුළු ප්‍රායෝගික ගැටළු අවම කිරීම, ජාලකරණ  ස්ථාවරතාව සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීමට සහය වීම, පරිසර ආරක්ෂනය ප්‍රවර්ධනය කිරීම, යහපත් සෞඛ්‍යයට හිතකාරී පරිසර පද්ධතියක් ගොඩනැංවීම, යනාදී කරුනු පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබේ. ගතවූ වසරතුළ Huawei  එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අනුගමනය කරමින් තිරසරභාවය පිළිබඳ සිය අභිමත ක්‍රමෝපාය ඉලක්ක සපුරා ගැනීම සදහා කටයුතු කර තිබේ.
    Huawei හි සභාපති  ආචාර්ය හොවාර්ඩ් ලියෑන් සදහන් කර ඇත්තේ බුද්ධිමත් ලෝකය එකට යා කරමින් තිරසරභාවය ගොඩනැගීමට සඳහා Huawei සතුව විශේෂඥ විභවතාවක් පවතින බවයි. අනාගතයේදී සෑම නිවසක්ම, පුද්ගලයෙක්ම සහ ආයතනයක්ම එම නව්‍යතාවන් සහ සබඳතාවන් වල වාසි අත්විඳිනු ඇති බව හෙතෙම පෙන්වා දෙයි. තිරසර ගෝලීය ආර්ථික වර්ධනය ඇතුළු සමස්ථ තිරසර සංවර්ධන ක්‍රියාවලිය දිරි ගැන්වීමට තම සමාගම අපේක්ෂා කරන බවත්, එය අනාගත ලෝකය සඳහා අතිශයින්ම වැදගත් වන  බවත් හෙතෙම පෙන්වා දී තිබේ.
    ගෝලීය තිරසරභාවය පිළිබඳ සලකා බැලීමේ දී තොරතුරු සන්නිවේදන තාක්ෂණයට ප්‍රධාන තැනක් හිමිවෙයි. තිරසරභාවය සංවර්ධනය කිරීම සඳහා වන Huawei හි දායකත්වය යටතේ පර්යේෂන හා සංවර්ධන ක්‍රියාදාමය වර්ධනය  වන අතර තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රෙය් නව  සොයාගැනීම් රැසක ඵල අත් විඳීමට ජනතාවට හැකිවනු ඇත.
    2017 වසරේදී  Huawei විසින් හඳුන්වා දුන් නවීනතම WTTx solution මඟින් ජනාකීර්ණ සහ ජනාකීර්ණ නොවන ගම්බද ප්‍රදේශ රැසක තිබූ අන්තර්ජාල ප්‍රවේශ ගැටළු විසඳනු ලැබීය. මෙම විසඳුම මඟින් සම්බන්ධතා පිරිවැය 75% ක් දක්වා  අවම වූ අතර වේගය 90% කින් වර්ධනය විය.සමාගම විසින් ග්‍රාමීව ප්‍රදේශ සඳහා RuralStar 2.0 යොදවනු ලැබූ අතර තායිලන්තය, ඝානා, මෙක්සිකෝ  ඇතුළු රටවල් 8ක  පද්ධති 12ක් ස්ථාපනය කිරීම මෙහිදී සිදුවිය. මෙම විසඳුම  මඟින් බොහෝ ප්‍රදේශවලට තිබූ අන්තර්ජාලගත වීමේ ගැටලු අවමකරමින් ජාලගත ආවරණය පුළුල් කෙරිණ. මේ අනුව සංවර්ධනය වෙමින් පවතින ප්‍රජාවට ලෝකය හා සම්බන්ධ වීමට ඇති අවස්ථාව පුළුල් කෙරිණ.  Huawei හි ජංගම මූල්‍ය  විසඳුම් මේ වනවිට යථාර්තයක් බවට පත්ව ඇති අතර මේ වනවිට රටවල් 19 ක මිලියන 152 ක ජනතාවක් මෙම පහසුකම භුක්ති විඳිමින් සිටිති.මෙම ක්‍රමවේදය යටතේ මූල්‍ය සේවා පහසුකරණයක් සිදුව තිබේ.
    Huawei හි තිරසරභාවය පීලිබඳ කමිටුවේ  සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික කෙවින් ටාඕ සඳහන් කළේ  ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඔස්සේ සිය මෙහෙයුම් සාර්ථකව දියත් කරමින් තිරසරභාවය සඳහා ඉලක්කගත ගමනක සිය කණ්ඩායම නිරත වන බවයි.සමස්ථ ක්ෂේත්‍රයම ආවරණය වන පරිදි තිරසරභාවය වැඩිදියුණු කිරීමට තම කණ්ඩායම කටයුතු කරන බව හෙතෙම සඳහන් කළේය.
    තිරසරභාවය උදාකර ගැනීම සමස්ථ පරිසර වර්ධනයේ එක් පියවරක් බවත් ව්‍යාපාර ක්ෂේත්‍රය තුළදී ‍වෙළඳ වටිනාකමක් ලබාදිය හැක්කේ  තිරසරභාවය සදහා පමණක් බවත් කෙවින් ටාඕ මහතා පෙන්වා දී තිබේ.
    ගෝලීය වාර්තාකරණ මැදිහත්වීම  හෙවත්  Global Reporting Initiative (GRI) හි දැක්වෙන තිරසරභාවය වාර්තා කරන උපදේශන වලට අනුව මෙම වාර්තාව Huawei විසින් සකසා තිබේ. මෙහිදී Bureau  Veritas නැමැති ආයතනය  Huawei හා එක්ව කටයුතු කර ඇත්තේ බාහිර විශේෂඥ ආයතනයක් වශයෙනි. එම ආයාතනය අදාල වාර්තාවේ සත්‍යතාව,විනිවිද භාවය, හා පැහැදිලි බව, පිළිබඳ සහතික කර තිබේ.
    වසර 12ක් තිස්සේ මෙරට  තොරතුරු සන්නිවේදන සමාගමක් වශයෙන් කටයුතු කරන Huawei වර්තමානය වනවිට මෙරට ප්‍රධානතම තොරතුරු තාක්ෂණ සේවා සැපයුම්කරු වශයෙන් ශ්‍රී ලාංකේය ජනගහණයෙන් 70% කට අධික  පිරිසකට සේවා සපයමින් සිටියි. තවද මෙරට ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සැපයුම්කරු වන Huaweiසැලකිය යුතු මට්ටමේ වෙළඳපළක් අත්පත් කරගෙන සිටියි. තත්ත්වයෙන් උසස් නිෂ්පාදන හා සේවා  නිරතුරුවම සිය පාරිභෝගිකයා වෙත පිරිනමමින් Huawei මෙරට පාරිභෝගිකයාගේ විශ්වාසය දිනාගෙන සිටියි. මෙරට වගකිවයුතු ආයතනික පුරවැසියෙකු ලෙස මෙරට දිගු කාලීන ආර්ථික, සමාජීය, පාරිසරික තිරසරභාවය  ඉලක්ක කරගනිමින්  කටයුතු කරයි. 2016 හා 2017  වසරේදී ක්‍රියාත්මක කළ ‘Seeds For the Future’ ආදී වැඩසටහන් තුළින්  මෙරට සරසවි සිසුන්  10 දෙනෙකුට සෑම  වසරකදීම   චීනයේ පිහිටි  Huawei මධ්‍යස්ථානය නැරඹීම ආදී වශයෙන් විදේශ සංචාර පිරිනමමින්  මෙරට තොරතුරු තාක්ෂණික දැනුම වර්ධනය කිරීම සඳහා  Huawei කටයුතු කර තිබේ.  තවද මීට අමතරව  හදිසි ආපදා අවස්ථාවලදී  Huawei සමාගම මෙරට වගකිවයුතු සමාගමක් වශයෙන් දේශිය ප්‍රජාව වෙනුවෙන් ආධාර වැඩසටහන් සහ ප්‍රජා සේවා රැසක් ක්‍රියාත්මක කර තිබේ.
    2017 වසරේ තිරසරභාවය පිළිබඳ වාර්තාව කියවීම සඳහා මෙම ලින්ක් එකට පිවිසෙන්න