චමින්ද වාස්ගේ ප්‍රකාශයට හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිගෙන් පිළිතුරු

    April, 18, 2019

    ප්‍රංශයේ හානියට පත් Notre Dame දේවස්ථානය යළි ගොඩ නැගීම සඳහා පැය කිහිපයක් ඇතුළත බිලියන 7 කට අධික සමස්ත ලෝක වාසී ජනතාවගෙන් දෙදෙනෙකුට පමණක් යූරෝ මිලියන 300 ක් පරිත්‍යාග කළ හැකි නම්, ඔවුන්ට ලෝකයේ දරිද්‍රතාවයෙන් පෙළෙන, හිසට සෙවණක් නැති ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වීමට ඇති තරම් ධනය ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස්, සිය ට්ටිටර් ගිණුම හරහා සටහනක් තබමින් ප්‍රකාශ කර සිටී. එසේම ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙය කල්පනාවට ගත යුතු කරුණක් බවයි.

    කෙසේ වෙතත් මීට ප්‍රතිචාර දක්වමින් හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන මහතා මෙසේ පිළිතුරක් තබා ඇත.

    “ලෝකයේ සමස්ත නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 88ක්. එය බිලියන 7.53 ක් වන සමස්ත ලෝකවාසී ජනයා අතර සමානව බෙදී ගියහොත් එක් අයෙකුට ඩොලර් 11,700ක් වාර්ෂිකව හිමිවෙනවා. මෙයින් දැනට පවතින කැපී පෙනෙන ගැටළු රැසක් විසඳන්න පුළුවන්. නමුත් සියල්ලට නොවෙයි. ආදායම යළි බෙදීමෙන් දුප්පත්කම මුලිනුපුටා දමන්න බැහැ.“

     

    අදාළ ට්ටිටර් පණිවුඩය පහතින් දැක්වේ.