චාමර්ස් ධාන්‍යාගාරය ‘කොළඹ නගර පිවිසුම’ ලෙස සංවර්ධනය කෙරේ

    September, 13, 2017

    සියලු ප්‍රවාහන මාදිලි ඒකාබද්ධ කරමින් කොළඹ කොටුව/පිටකොටුව ප්‍රදේශයේ බහුමාදිලි ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කරනු ලැබ තිබේ. එම ව්‍යාපෘතිය යටතේ අවශ්‍ය සංවර්ධන කටයුතු සිදු කිරීම පිණිස කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඇති 'චාර්මස් ග්‍රැනරීස්' නැමැති අක්කර 9 රූඩ් 3 පර්චස් 27ක ප්‍රමාණයෙන් යුත් නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් කොටස යොදා ගැනීමට තීරණය කර ති‍බේ.

    ඒ අනුව, බහුමාදිලි ප්‍රවාහන කේන්ද්‍රස්ථාන ව්‍යාපෘතිය යටතේ 'කොළඹ නගර පිවිසුම' ලෙස එකී ඉඩම් කොටස සංවර්ධනය කිරීමට සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා තරගකාරී ලංසු කැඳවීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.