චීනයේ නව ශ්‍රී ලංකා තානාපති වැඩ අරඹයි

    December, 21, 2020

    මහජන චීන සමූහාණ්ඩුව සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා 2020 දෙසැම්බර් 15 වැනි දින චීනයට පැමිණ2020 දෙසැම්බර් 16 වැනි දින අන්තර්ජාලය ඔස්සේ රාජකාරි භාර ගත්තේය. මාස කිහිපයක් පුරාවට විධිමත් ප්‍රධානියෙකු නොමැතිව සිටි බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩලය විසින් ඒ මහතා අන්තර්ජාලය ඔස්සේ උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

    පුළුල් අත්දැකීම් සහිත ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන ආචාර්ය පාලිත කොහොන මහතා 2009 සිට 2015 දක්වා එක්සත් ජාතීන්ගේ හිටපු නිත්‍ය නියෝජිතවරයා විය.  2009 අගෝස්තු දක්වා ඒ මහතා ශ්‍රී ලංකා විදේශ  අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයා වූ අතරසාම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කිරීමේ මහ ලේකම් කාර්යාලයේ හිටපු මහ ලේකම්වරයා ද විය. ඔහු මීට පෙර 2006 දක්වා එක්සත් ජාතීන්ගේ නීති කටයුතු කාර්යාලයේ විශාලතම හස්තය වූනිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ ගිවිසුම් අංශයේ ප්‍රධානියා විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන කළමනාකරණ නවෝත්පාදනයන් හඳුන්වා දීමේ වගකීම ඔහු විසින් දැරූ අතරඉහළ කාර්යය සාධනයක් සහ කාර්යක්ෂමතාවයක් සඳහා එක්සත් ජාතීන්ගේ 21 PIN අංකය ඒ මහතාට හිමි විය. ආචාර්ය කොහොන මහතා 2013 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ හය වැනි කමිටුවේ (නෛතික) සභාපතිවරයා වූ අතරජාතික අධිකරණ බලයෙන් ඔබ්බට ගිය ජෛව විවිධත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ සම සභාපතිවරයා ද විය. ඔහු වෙළඳආර්ථික සම්බන්ධතාගුවන් සේවාධීවරපරිසරයවිශේෂයෙන් දේශගුණික විපර්යාස සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධ සාකච්ඡා සඳහා සහභාගී වී ඇත.