චීනය පනස් වෙනියා වෙද්දී ව්‍යාපාර කිරීමට හිතකරම රට කුමක්ද ?

    June, 17, 2014

    ලොව සුප්‍රසිද්ධ ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට් (EIU) විසින් සිදුකළ නවතම වර්ගීකරණය අනුව ව්‍යාපාර කිරීමට ලොව හොඳම රට ලෙස පළමු ස්ථානයේ තවදුරටත් රැඳී සිටීමට සිංගප්පූරුව සමත්ව තිබේ.

    මෙම වර්ගීකරණයට අනුව ආයෝජකයින්ට මිතුරුම රට ලෙස 2009-2013 කාලය තුළත් සිංගප්පූරුව පළමු ස්ථානයේ තිබූ අතර නවතම වර්ගීකරණය සකස් කර තිබෙන්නේ 2014-2018 කාලය සඳහායි.

    සිංගප්පූරුවට පසුව ව්‍යාපාර කිරීමට හොඳම රට ලෙස ස්විට්සර්ලන්තය පත්ව තිබෙන අතර හොංකොං තෙවන ස්ථානයත්, කැනඩාව සිව්වන ස්ථානයත්, ඕස්ට්‍රේලියාව පස්වන ස්ථානයත් දිනා තිබේ.

    මෙහි ඇමරිකාව පත්ව තිබෙන්නේ හත්වන ස්ථානයට වන අතර බ්‍රිතාන්‍ය 22 වන තැනටත් ජපානය 27 වන තැනටත් චීනය 50 වන තැනටත් පත්ව ඇත.