චීන්නු යළිත් ලංකාවේදී කප් ගහයි

    March, 6, 2015

    ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීම වැඩියෙන්ම වර්ධනය වන ගමනාන්තය බවට යළිත් චීනය පත්ව තිබෙන අතර චීනයෙන් මෙරටට පසුගිය පෙබරවාරියේදී පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 165 කින් වර්ධනය වී සංචාරකයින් 27,425 දෙනෙකු පැමිණ තිබේ.

    දෙවැනියට වැඩිම වර්ධනයක් ඉන්දීය සංචාරකයින් පෙන්වද්දී, තෙවැනියට වැඩිම පැමිණීමේ වර්ධනයක් දකින්නට ලැබෙන්නේ බ්‍රිතාන්‍යය සංචාරකයින්ගේයි. බ්‍රිතාන්‍යය සංචාරකයින් පැමිණීම සියයට 6.3 කින් වර්ධනය වී 15,212 ක්වී ඇත.

    මේ වසරේ මුල් මාස දෙක තුළදී චීන සංචාරකයින්ගේ පැමිණීම සියයට 85.6 කින් වර්ධනය වී තිබෙන අතර චීන සංචාරකයින් 39,160 දෙනෙකු පැමිණ තිබේ.
    කෙසේවෙතත්, මේ වසරේ මුල් මාස දෙකේදී මෙරටට පැමිණි ඉන්දියන් සංචාරකයින් ප්‍රමාණය චීන සංචාරකයින්ට වඩා ඉහළ අතර එම ප්‍රමාණය 42,943 කි.