October, 21, 2026
කොළඹ වරාය පරිශ්රයේ ස්ථාපිත කිරීමට යෝජිතව තිබූ සැපයුම් දාම මධ්යස්ථාන ව්යාපෘතියෙන් එහි ප්රමුඛ ආයෝජකයා වූ චීනයේ China Merchants Port Holdings සමාගම ඉවත් වීමට පසුගිය දා නිල වශයෙන් තීරණය කළේය. අදාළ ව්යාපෘතියේ කොටස් හිමිකාරීත්වයෙන් 70%ක් China Merchants Port Holdings සමාගම සතු වූ අතර සෙසු කොටස් හිමිකාරීත්වය 15% බැගින් ශ්රී ලංකා වරා අධිකාරිය සහ ඇක්සෙස් ඉංජිනියරින්ග් පීඑල්සී සමාගම සතුව පැවතුණි.
මේ අතර ඇක්සස් ඉංජිනියරින්ග් පීඑල්සී විසින් ඊයේ (20) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමක් කරමින් කියා සිටියේ, South Asia Commercial and Logistics Hub Limited ව්යාපෘතිය ඉදිරියට පවත්වාගෙන නොයෑමට එහි කොටස් හිමියන් අන්යෝන්ය වශයෙන් එකඟ වී ඇති බවයි. ඒ අනුව, අදාළ ව්යාපෘතිය සහ ඊට සම්බන්ධ ගිවිසුම් විධිමත්ව අවසන් කිරීම සඳහා පාර්ශවකරුවන් විසින් සමථ ගිවිසුමකට එළඹීමට නියමිත බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය. බාහිර පරිසරයේ සිදුවූ වෙනස්කම්, ව්යාපෘති ක්රියාත්මක කිරීමේ කාලරාමුව හා ව්යාපෘතිය බලගැන්වීමේ තත්ත්වයන් හි සිදුවූ වෙනස්වීම් සහ පාර්ශවකරුවන්ගේ වාණිජමය කරුණු සැලකිල්ලට ගනිමින් මෙලෙස මෙම ව්යාපෘතිය සිදුනොකරීමට හේතු වශයෙන් දක්වා ඇත.
මේ සම්බන්ධයෙන් ඇක්සෙස් ඉංජිනියරින් පීඑල්සී විසින් නිකුත් කරන ලද ආයතනික අනාවරණයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
ඇක්සස් ඉංජිනියරින් සමාගම South Asia Commercial and Logistics Hub Limited හි දරන ලද 15% ක කොටස් හිමිකාරීත්වය වෙනුවෙන්, මේ දක්වා රු. බිලියන 1.762 කට ආසන්න මුදලක් එහි ආයෝජනය කර තිබුණි. සමථ ගිවිසුමේ කොන්දේසි අනුව, ඇක්සස් ඉංජිනියරින් සමාගම මුළු එකතුව රු. බිලියන 1.453 කට ආසන්න මුදලක් නැවත ලබාගැනීමට අපේක්ෂා කරයි. එම මුදල පහත පරිදි සමන්විත වේ:
මෙම ගණනය කිරීම් ඇමරිකානු ඩොලර් 1 ක් සඳහා රු. 331 ක් වන දර්ශක විනිමය අනුපාතිකය පදනම් කරගෙන සිදුකර ඇත.
2026 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මූල්ය වර්ෂය සඳහා වන විගණනය කරන ලද ඒකාබද්ධ මූල්ය ප්රකාශනවලට අනුව, සමාගම් සමූහය රු. මිලියන 387 ක පාඩුවක් හඳුනාගෙන තිබූ අතර, එමඟින් ආයෝජනයේ සමූහ ගෙන යන අගය (carrying value) රු. බිලියන 1.38 ක් බවට පත්ව තිබුණි.
ලැබීමට නියමිත සමථ මුදල් හේතුවෙන් සමාගම් සමූහ මට්ටමින් ඉදිරියේදී තවත් ද්රව්යමය මූල්ය අලාභයක් අපේක්ෂා නොකෙරේ. කෙසේ වෙතත්, තනි සමාගම් මූල්ය ප්රකාශනවල මෙම ආයෝජනය පිරිවැය යටතේ සටහන් කර ඇති බැවින්, තනි සමාගම් මට්ටමින් රු. මිලියන 310 ක පමණ අලාභයක් හඳුනා ගැනීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අවසාන මූල්ය අගයන් මුදල් ගෙවන දිනට පවතින විනිමය අනුපාත, සමථ ගිවිසුම්වල අවසාන එකඟතාවන් සහ ගිණුම්කරණ ගැළපීම් මත වෙනස් විය හැකි බව කළමනාකාර අධ්යක්ෂ රොහාන් ප්රනාන්දු මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ මෙම අනාවරණයේ වැඩිදුරටත් සඳහන් වේ.
Video Story