චෙක් ව්‍යාපාරික දූතයෝ ශ්‍රී ලංකාවට පැමිණෙති

    May, 9, 2016

    තානාපති මිලාන් හොවොර්කාගේ ප්‍රධානත්වයෙන් යුතු චෙක් ජනරජයේ ව්‍යාපාරික දූත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේය.

    Viktovice Power Engineering, Eldis, Fans, Skoda Doosan Power සහ Techno export යන චෙක් සමාගම්වල ප්‍රධාන පෙළේ නියෝජිතයෝ පිරිසක් මීට එක්ව සිටියහ.

    ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය හා චෙක් ව්‍යාපාරික දූත පිරිස අතර හමුවක් පසුගිය දා පැවති අතර ජල විදුලි, ගුවන්තොටුපළ සඳහා රේඩාර් පද්ධති හා යටිතල පහසුකම්, ගුවන්යානා නඩත්තු හා සීනි කර්මාන්තය යනා දී අංශ වෙත ඔවුන්ගේ අවධානය යොමුව තිබේ.

    ශ්‍රී ලංකාව හා චෙක් ජනරජය අතර තිබෙන වෙළෙඳ ගනුදෙනු සාපේක්ෂව ඉතු පහළ අගයක් ගන්නා අතර වාර්ෂිකව ඩොලර් මිලියන 50 ක පමණ රෙදිපිළි, ඇඟළුම් හා තේ අපනයනය කරනු ලබන අතර ඩොලර් මිලියන 10 ක පමණ චෙක් හි නිෂ්පාදිත ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබයි.