ජනතාවගෙන් අඩකට බැංකු ගිණුමක්වත් නැහැ

    May, 30, 2018

    වර්තමානයේ දී මෙරට ජනගහනය මිලියන 22 කට ආසන්න වී ඇති බවත්, මේ වන විට ශ්‍රී ලංකාවේ සියලූම බැංකුවල ඇති සමස්ත ගිණුම් ප්‍රමාණය මිලියන 10-12 ක් අතර වන බවත් කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා පවසයි. අද දෙරණ Biz 24x7 සමඟින් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ධීරසිංහ මහතා මේ බව කියා සිටියේය.

    “බැංකුවල ගිණුමක් විවෘත කිරීම මූලික කටයුත්තක්. ඉස්සර පාස් පොතක් ගන්න ඕන කියන දේ කුඩා කාලයේ දී දෙමව්පියෝ ඉගැන්නුවා.“

    “අපේ බැංකුවේ ගිණුම් ලක්ෂ 36 ක් පමණ තිබෙනවා. සමහරුන්ට එකකට වඩා තිබෙනවා. ලංකාවේ සියලු බැංකුවල ගිණුම් එකතු කර බැලුවත් මිලියන 10-12 කට වඩා ගිණුම් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. මේ පිළිබඳව අධ්‍යයනය කරලා නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි.“

    මේ අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් භාගයකට බැංකු ගිණුමක් හෝ නොමැති බව තම හැඟීම බව ධිරසිංහ මහතා අවධාරණය කළේය.

    මෙහිදී කොමර්ෂල් බැංකු සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ අධ්‍යයනයේ දී බැංකු ගිණුමක් තිබීම දළ මිනුමක් වන බවයි.

    කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.