December, 1, 2020
ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආර්ථික සමුළුව "Sri Lanka Economic Summit 2020" මීට සුළු මොහොතකට පෙර ආරම්භ විණි. ඒ ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙනි. සමුළුවේ සමාරම්භක දේශනය ජනාධිපතිතුමන් විසින් සිදුකළ අතර ප්‍රධාන දේශනය සිදුකරන ලද්දේ ඉන්දීය ජනරජයේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතරාමන් මහත්මිය විසිනි.
ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය හාන්ස් විජයසුරිය මහතා පිළිගැනීමේ දේශනය පවත්වනු ලැබූ අතර ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙසින් මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමුළුව හා එක්විය.
“ජනතාවාදී ආර්ථික පුනර්ජීවනයකට මඟ පාදමු” යන්න මෙවර සමුළුවේ තේමාවයි.
Video Story