ජනවාරියේ දී විදෙස් සංචිතය ඩොලර් මිලියන 567.5 කින් අඩුවෙලා

    February, 13, 2017

    2017 ජනවාරි මාසය අවසාන වන විට ඇමරිකානු ඩොලර් මිලියන 567.5 කින් මෙරට නිල විදෙස් සංචිතය පහළ ගොස් ඇති බව වාර්තා වේ. 2016 දෙසැම්බර් 31 වන විට ඩොලර් බිලියන 6.01 ක්ව පැවති විදෙස් සංචිතයේ වටිනාකම 2017 ජනවාරි 31 වන විට ඩොලර් බිලියන 5.45 ක් දක්වා මේ අනුව පහළ ගොස් ඇත.

    මේ අතර පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ මෙම වසර තුළ දී විදෙස් සංචිත ඉහළ නංවා ගැනීමට කටයුතු කරනු ලබන බවත් විශේෂයෙන්ම චීනයෙන් බලාපොරොත්තු වන සෘජු විදෙස් ආයෝජන, විස්තීර්ණ ණය පහසුකම් සහ ස්වෛරීත්ව බැඳුම්කර නිකුතු හරහා මෙලෙස සංචිත ඉහළ නංවා ගැනීමට කටයුතු කරනු ලබන බවත්ය.