ජපන් සමාගමෙන් ඊ-චැනලින් මුහුණු වෙනස් කරයි

    April, 21, 2014

    වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර සඳහා කාලය වෙන්කිරීමේ සේවා සපයන ඊ-චැනලින් සමාගමේ අධ්‍යක්ෂ ධූරයක් සඳහා ජපානයේ සීනියර් මාර්කටිං සිස්ටම්ස් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් නව නම් කිරීමක් කර තිබේ.

    මේ අනුව, සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ නට්සුකි ගොටෝ මහතා වෙනුවට 2014 අප්‍රේල් 14 වනදා සිට බලපැවැත්වෙන පරිදි ටට්සුයා කොයිකේ මහතාව නම්කර ඇත.