ජපන් හයිබ්‍රිඩ් රථවාහන සඳහා DSL වෙතින් Panasonic Japan VRLA ස්ටාර්ටර් බැටරි හඳුන්වා දෙයි

    March, 30, 2022

    රථවාහන බැටරි ක්ෂේත්‍රයේ  දශක තුනකට අධික පළපුරුද්දක් ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ආනයනකරුවකු මෙන්ම බෙදාහරින්නකු වන ඩග්ලස් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම (DSL) විසින් දේශීය හයිබ්‍රිඩ් රථවාහන සඳහා තත්ත්වයෙන් උසස් Panasonic Japan Valve Regulated Lead-Acid (VRLA) ස්ටාර්ටර් බැටරි හඳුන්වා දී ඇත.  මෙම නවතම Panasonic Japan VRLA බැටරිය නිපදවා ඇත්තේ Toyota, Mitsubishi, Mazda සහ Nissan යන වාහන නිෂ්පාදන කරුවන්ට අයත් ජපන්  හයිබ්‍රිඩ් රථවාහන මාදිලි වන Aqua, Axio, Prius, Outlander, Mazda 3, CX5, X-Trail සඳහාය. තවද, ඕනෑම හයිබ්‍රිඩ් රථවාහන මාදිලියක හෝ SUV රථයක ඔරිජිනල් බැක්අප් බැටරිය වෙනුවටද මෙය භාවිත කළ හැකිය.

    දශක ගණනාවක කාලයක් පුරාවට පාරිභෝගික හදවත් තුළ ඉහළ විශ්වසනීයත්වයක් ගොඩනගා ගත් ජපන් තාක්ෂණය සමඟින් වෙළඳ පොළට එන Panasonic Japan VRLA බැටරිය, මගීන් සඳහා 100% ආරක්‍ෂාවක් ලබා දෙන, ඉහළ කල් පැවැත්මක් සහ සුමට ක්‍රියාකාරීත්වයක් සහිත නඩත්තු නොමැති බැටරි මාදිලියකි.  කල්පැවැත්ම පිළිබඳ සැළකීමේදී Panasonic Japan VRLA  බැටරිය කිසිදු නඩත්තු කිරීමකින් තොරව අවුරුදු 3-4 දක්වා වූවද ක්‍රියාකාරීව පවත්වා ගත හැකිය. මෙය පාරිභෝගිකයාට කදිම වාසියකි.  බැටරිය පුර්ණ වශයෙන් සීල් කර නිපදවා ඇති අතර, මින් වාතය පිටතට මුදා හැරෙන්නේ වෑල්ව්‍ එකක් හරහාය. මෙම අනර්ඝ නිමාව හේතුවෙන් සාමාන්‍ය බැටරි වල මෙන් කිසිඳු ආකාරයක ඇසිඩ් කාන්දු වීමක් සිදු නොවේ.  ඉහළම පාරිභෝගික ආරක්ෂාවක් සහතික කරන අතරම, වාහනයේ පැවැත්ම සඳහාද ඉහළ දායකත්වයක් සපයන Panasonic Japan VRLA බැටරිය භාවිත කර ඇති තාක්ෂනය සහ එහි නිමාව ඔරිජිනල් බැටරියේ ක්‍රියාකාරීත්වයට සමාන ක්‍රියාකාරීත්වයක් ලබා දේ.

    මෙම නවතම හඳුන්වා දීම සහ සමාගමේ අනෙකුත් සේවා පිළිබඳ අදහස් දක්වමින් DSL හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (Energy markets සඳහා) නෙරංජන් ජයසිංහ මහතා මෙලෙස පැවසීය. "ලොව හොඳම විසඳුම් සමඟින් ශ්‍රී ලාංකිකයින් සවිබල ගැන්වීම කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරමින් ක්‍රියා කරන ප්‍රමුඛ පෙලේ සමාගමක් වශයෙන්, හයිබ්‍රිඩ් රථවාහන පාරිභෝගිකයින් අතර ඉහළ ඉල්ලුමක් පවතින Panasonic Japan VRLA බැටරි, දේශීය වෙළඳ පොළට හඳුන්වා දීමට හැකිවීම පිළිබඳ අප ඉතා සතුටට පත්වනවා.  DSL සමාගම නවතම රථවාහන මාදිලිවල විවිධ බැටරි අවශ්‍යතා සපුරාලීම සඳහා වූ විසඳුම් ගණනාවකින් සමන්විත සමාගමක් ලෙස මා හඳුන්වා දෙන්න කැමතියි.  පාරිභෝගික ආරක්ෂාව සහ සුවපහසුව කෙරෙහි නිරන්තර අවධානයෙන් යුතුව ක්‍රියා කරන අප, දීප ව්‍යාප්ත අලෙවි නියෝජිත ජාලය, කෙටි පණිවුඩ සේවා, බිඳවැටීම් සහය සේවා ඇතුළුව සෑම අංශයකම පාරිභෝගිකයින් වෙත විශිෂ්ට සේවාවක් ලබාදීම කෙරෙහි සෑම විටම කැපවී ක්‍රියා කරනවා."

    Panasonic Japan VRLA, ලොව ප්‍රමුඛ මෝටර් රථ නිෂ්පාදකයින් විසින් පිළිගත්, හයිබ්‍රිඩ් රථ වාහන සඳහා වූ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිපදවන ලද උසස් තත්ත්වයේ බැටරියකි. ශ්‍රී ලංකාව තුළ Panasonic Japan VRLA බැටරි සඳහා බලයලත් බෙදාහරින්නා වන DSL විසින් පාරිභෝගිකයා වෙත, නොමිලේ සවි කිරීම්, නොමිලේ බැටරි පරීක්‍ෂා කිරීම් සහ අලෙවියෙන් පසු සේවා සමඟින් වසර 2 ක පුළුල් වගකීමක් වැනි වාසි රැසක්ද ලබා දේ. DSL සිය  දිවයින පුරා විසිර සිටන  අලෙවි නියෝජිත ජාලය හරහා පාරිභෝගිකයා වෙත උසස්ම සේවාවක් සැපයීම හේතුවෙනුත්,  මිලදී ගන්නා සෑම නිෂ්පාදනයක් සඳහාම විශ්වාසවන්ත වගකීම් ලබා දීම හේතුවෙනුත් ක්ෂේත්‍රයේ නම් දරා ඇත.

    ශ්‍රී ලංකාවේ විශාලතම බහු සන්නාම බැටරි ආනයනකරු සහ බෙදාහරින්නා වන DSL, ලොව ප්‍රකට සන්නාමයන් වන Panasonic, Yuasa, LivGuard, Global, 3K, Okaya, Topwill, Palma සහ තවත් බොහෝ සන්නාමයන්හි විවිධ වර්ගයන්හි බැටරි වෙළඳ පොළට නිකුත් කරයි. කොළඹ DSL ප්‍රධාන ප්‍රදර්ශනාගාරයට පැමිණෙන පාරිභෝගිකයින් වෙත නවතම අත්දැකීමක් එක් කරමින්, කාර්ය මණ්ඩල සහයද සමඟ, ඔවුන්ගේ රථවාහන සඳහා වඩාත් සුදුසුම බැටරි තෝරාගැනීම සඳහා වෙනම සේවා කලාපයක් ද  ස්ථාපිත කර ඇත.

    නවතම Panasonic VRLA බැටරිය ආකර්ෂණීය මිලකට හඳුන්වා දී ඇති අතර, දිවයින පුරා විසිරුණු බලයලත් අලෙවි නියෝජිතයින් 550 කට වැඩි ප්‍රමාණයක් හරහා පහසුවෙන්ම මිලදී ගත හැකිය. වැඩි විස්තර සඳහා කරුණාකර 077 221 1211 අමතන්න.