ජපනා, ඉන්දියාවටත් පරදී

    May, 2, 2014

    ජපානය කලක් ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය බවට පත්ව තිබුණි. චීනය විසින් ජපානය පැරදවූ අතර ජපානය තෙවැනි තැනට ඇද වැටුණි. ලෝක බැංකුව සමග කර තිබෙන නවතම අධ්‍යනයකින් අනාවරණය කර තිබෙන්නේ ජපානයට ඉන්දියාවෙන්ද පහර වැදී තිබෙන බවයි. මේ අනුව, ලෝකයේ තෙවැනි විශාලතම ආර්ථිකය බවට ඉන්දියාව පත්වී තිබෙන අතර ජපානය සිව්වන තැනට ඇද වැටී තිබේ.

    International Comparison Program (ICP) යනුවෙන් හඳුන්වන මෙම ලෝක බැංකු සමීක්ෂණයේ ශ්‍රේණීගත කිරීම සඳහා යොදාගෙන තිබෙන්නේ මිලදීගැනීමේ හැකියා සමානත්මය (purchasing power parity (PPP)) යන දර්ශකයයි.

    මෙම සමීක්ෂණය 2005 වසරේදී සිදුකරන විට ඉන්දියාව 10 වන ස්ථානයේ පසුවූ අතර සමීක්ෂණය සඳහා ලෝකයේ රටවල් 199 ක් පාදක කරගෙන ඇත.

    මෙම සමීක්ෂණය මගින් අනාවරණය කර තිබුණේ ලෝකයේ දැවැන්තම ආර්ථිකය ලෙසින් ඇමරිකාවට තිබෙන ස්ථානය බොහෝ දුරට මේ වසරේදීම චීනය විසින් ඩැහැගනු ඇති බවයි.