ජපනුන් අභිබවා යාමට චීනුන් සමත්වෙයි

    December, 8, 2015

    ආසියානු සංවර්ධන බැංකුවේ නවතම දත්ත වාර්තා අනුව ආසියාවේ උසස් තාක්ෂණික උපාංග අපනයනයේ පෙරමුණ ගැනීමට චීනය සමත් වී තිබේ. ඒ මෙතෙක් කලක් එම ස්ථානයේ වැජඹුණු ජපානය අභිබවමිනි.

    වෛද්‍ය උපකරණ, ගුවන් යානා හා විදුලිසංදේශ උපකරණ වැනි දෑ මෙහිදී උසස් තාක්ෂණික උපාංග ගණයෙහිලා සැලකෙන අතර ආසියානු සංවර්ධන බැංකුව පවසන්නේ 2000 වසරේ දී 9.4% ක්ව පැවති එම කාණ්ඩයේ චීන වෙළෙඳාපොළ කොටස 2014 වන විට 43.7% දක්වා වර්ධනය වී තිබෙන බවයි.

    මේ අතර 2000 වසරේ දී 25.5% ක් වූ ජපානයේ වෙළෙඳපොළ කොටස පසුගිය වසර වන විට 7.7% දක්වා පහළ ගොස් ඇත. එමෙන්ම මැලේසියාව, පිලිපීනය ඇතුළු තවත් අග්නිදිග ආසියානු කලාපයේ රටවල් කිහිපයකම වෙළෙඳපොළ කොටස පසුගිය කාලසීමාව තුළ දී ගිළිහී ගොස් තිබේ.

    පසුගිය කාලය තුළ දී ස්මාර්ට් ජංගම දුරකථන, ඩ්‍රෝන ගුවන් යානා ආදිය නිපදවීම තුළින් ආසියාවේ පෙරමුණ ගැනීමට චීනය සමත් වී තිබේ.

    Bloomberg ඇසුරෙනි

    Video Story

    Stock Market

    Exchange Rates