ජපාන වාණිජ හා කර්මාන්ත මණ්ඩල නියෝජිත පිරිස අගමැති හමුවේ

    January, 26, 2018

    ජපාන සහ තෝකියෝ වාණිජ හා කර්මාන්ත මණ්ඩලයන්හි නිලධාරීන් ඇතුලු දූත පිරිස සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (25) අරලියගහ මන්දිරයේ දී හමුවී සාකච්ඡා පැවැත්විය.

    මෙම අවස්ථාවට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා (H.E. Kenichi Suganuma) යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.