ජර්මන් -ලන්ඩන් කොටස් ඒකාබද්ධවීම වළකයි

    March, 29, 2017

    ජර්මනියේ Deutsche Boerse AG විසින් ලන්ඩන් ව්‍යාපාර වස්තු හුවමාරුවේ ඩොලර් බිලියන 14 ක කොටස් අත්පත් කර ගනිමින් සිදුකිරීමට සැලසුම් කරන ලද ගනුදෙනුව යුරෝපා සංගමයේ නියාමකයින්ගේ මැදිහත්වීමෙන් අත්හිටුවා තිබේ.

    මෙම ගනුදෙනුව හරහා යුරෝපා සංගමයේ විශාලතම ව්‍යාපාර වස්තු හුවමාරුව නිර්මාණය වීම තුළින් ඒකාධිකාරීත්වයක් පැන නගින බවත් එමඟින් කලාපයේ සෙසු රටවල් 27 ක ආර්ථිකයන් බලවත් තර්ජනයකට ලක්විය හැකි බවත් යන සාධක මත පදනම්ව යුරෝපා සංගමය මෙම පියවර ගෙන ඇත.

    යුරෝපා සංගමයේ antitrust ප්‍රධානී Margrethe Vestager මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මෙම ගනුදෙනුව හරහා බැඳුම්කර හා ප්‍රතිමිලදී ගැනුම්වල දී ඒකාධිකාරීත්වයක් පැනනැඟීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත්බවයි.

    Photo - Margrethe Vestager in Brussels on March 29.
    Photographer: Aurore Belot/AFP/Getty Images