May, 15, 2023
ව්යාවසයකත්වයේ ලොව අංක එකේ රට වන ජර්මනිය ශ්‍රී ලංකාව සමඟ වසර 70 ක රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයක් සමරන අතර BOI සමඟ දශක හතරකට ආසන්න කාලයක් ව්‍යාපාරික කටයුතුවල නියැලීමෙන් සබදතා ශක්තිමක් වී තිබේ. දිගුකාලීන ව්‍යාපාරික සබදතාව මෑතකදී තවත් ඵලදායි වාර්ෂික BOI- AHK (ශ්‍රි ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිතයින්) ව්‍යාපාරික හමුවක් පැවතුනි.
මෙම අවස්ථාවේදී ජර්මානු කර්මාන්තකරුවන් සමඟ ජර්මානු තානාපති Holger Seubert මහතා සහභාගී විය. මෙහිදී තානාපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවේ ජර්මානු තාක්ෂණය සහ මානව ප්‍රාග්ධන සංවර්ධනය පිළිබද නවතම සොයාගැනීම් හා මිණුම් දඩු පිළිබදව ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් තම ආයතනවල රැකියා කිරීම මගින් ඔවුන් පිළිබදව ඉගෙනුමක් සහ අත්දැකීමක් ලබාගනු ඇති බවයි. මෙම සැසිවාරයට ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් විරක්කොඩි මහතා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය.
ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ ප්‍රධාන නියෝජිත Marie Antoina von Schonburg මහත්මිය ව්‍යාපාරික සංසදය මෙහෙයවු අතර වාර්ෂික රැස්වීම් අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කරමින් සහ මෙම සංසදය සාර්ථක කර ගැනිම සඳහා BOI හි සහයෝගය සහ පහසුකම් සැලසීම පිළිබදව අගය කරමින් තම කර්මාන්තකරුවන්ගේ ගැටඵ සාකච්ඡා කළාය.
ජර්මානු ආයෝජක සහෝදරත්වය ලංකාවේ ව්‍යාපාර කිරීමේ ජීවිත කාලය පුරාම හවුල්කරුවන් වන අතර ඔවුන් ශ්‍රි ලාංකීය FDI උරුමයේ පුරෝගාමී හවුල්කරුවන් බව ආඩම්බරයෙන් හිමිකම් කියයි. ඒ අනුව ජර්මානු ආයෝජන ස්වභාවයෙන්ම විවිධ වේ. ඇඟළුම්, මෝටර් රථ, ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන, සැහැල්ලු බර ඉංජිනේරු, රබර් ආශ්රිත නිෂ්පාදන, මැණික් සහ ස්වර්ණාභරණ සංචාරක ව්‍යාපෘති සහ විනෝදාත්මක ව්‍යාපෘති ඇතුළු විවිධ අංශවල මෙනි.
තවද BOI සභාපතිවරයා අදහස් දක්වමින් තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති සියයක් ලබා ගැනීමේ FDI මුලපිරීම ගැන සඳහන් කළ අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට ජර්මානු ව්‍යවසායකයින්ගේ දායකත්වය තවදුරටත් සඳහන් කළේය. ජර්මානු ආයෝජන සැම විටම ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් අතර යාවත්කාලීන කර්මාන්ත ප්‍රමිතින් ඇති කරන බව සඳහන් කරන ලදි. එය නිෂ්පාදනයේ ගුණාත්මක අගය ඉහල දමන අතර පොහොසත් ජර්මානු තාක්ෂණීක ක්‍රම භාවිතයන් හේතුවෙන් අද ගෝලීය ව්‍යාපාර තුල “Made in Sri Lanka” වඩාත් තරඟකාරීව කටයුතු කිරීමයි.
මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ වනුයේ ආයෝජන සම්බන්ධයෙන් දෙරටේ සහයෝගීත්වය සොයා බැලීම සහ ශ්‍රි ලංකාව සමඟ පවතින ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් පවතින ආයෝජකයින් සඳහා නැවත සොයා බැලිම සහ ශ්‍රි ලංකාවේ ජර්මානු ආයෝජනයේ අනාගතය සඳහා ඉදිරි මාවතක් සොයා බැලීමයි.
මෙම රැස්වීමේදී ව්‍යාපාරික තිරසාරභාව, ශ්‍රි ලංකාවේ ව්‍යාපාර කරගෙන යාම සම්බන්ධයෙන් අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ආයෝජන මණ්ඩල සමාගම්වල අපනයන සඳහා බදු ප්‍රතිපත්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සම්බන්ධයෙන් විවිධ ක්ෂේත්‍ර ගැටළු සාකච්ඡා කෙරිණි. මෑතකදී ශ්‍රි ලංකාවේ ශ්‍රමිකයන් විශාල වශයෙන් පිටරට සංක්‍රමණ ප්‍රවණතාවය සමඟ නිල් කරපටි සහ සුදු කරපටි සේවකයින් බදවා ගැනිම වැනි තවත් මානව සම්පත් ගැටළු තවද, ප්‍රති-ආයෝජන ක්‍රමෝපාය අඛණ්ඩව පවත්වාගෙන යාම, නිෂ්පාදන බලශක්ති පිරිවැය සහ Cruz ලයිනර් පිළිබදව සාකච්ඡා කෙරිණි.
ජෛව තක්ෂණ සමාගම්, බැංකු, වෛද්‍ය උපාංග සහ ඖෂධ, ICT, නිෂ්පාදන ඉංජිනේරු, ඉදිකිරීම්, බලශක්ති ඉංජිනේරු සහ බලශක්ති සහ බලය සහ ඇගළුම් වැනි කර්මාන්ත නියෝජනය කරමින් බහු කර්මාන්ත ප්‍රධාන විධායකයින් ව්‍යාපාරික සංසදයේදී නියෝජනය කරන ලදී.
Video Story