ජ්‍යෙෂ්ඨයින්ගේ ලක්ෂ 150 ඉක්ම වූ තැන්පතුවල පොළියට බදු?

    September, 19, 2017

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරිකිරීම්වලින් ලැබෙන පොලී ආදායමට ද බදු අය කරන බවට විවිධ ප්‍රචාරයන් ගෙන ගිය බවත් ඒවායෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් මුදල් අමාත්‍යාංශය අවධාරණය කර සිටී.

    මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් කියා සිටින්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරිකිරීම් මත වන පොලී ආදායම මසකට රු.125,000 දක්වා බදුවලින් නිදහස් කොට ඇති බවයි.

    එසේම ඊට වැඩි පොලී ආදායමක් ලබන්නට නම් රුපියල් ලක්ෂ 150 ඉක්ම වූ තැන්පතුවක් තිබිය යුතු බව මුදල් අමාත්‍යාංශ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.