ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය සහ ජාතික පසු අස්වනු කළමණාකරන ආයතනය එක්ව  පසු අස්වනු හානි අවම කර ගැනීම සදහා ව්‍යවසායකයින්ට පුහුණු වැඩසටහනක්

    August, 28, 2024

    ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය,ජාතික පසු අස්වනු කළමණාකරන ආයතනය හා එක්ව නව්‍ය ඇසුරුම්කරණ ක්‍ර‍මවේදයන් මඟින් පසු අස්වනු හානිය අවම කරගන්නා ආකාරය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා අපනයන සංවර්ධන මණ්ඩලය තුලදී පවත්වන ලදි. අපනයනයට ප්‍රවේශවීමේ හැකියාවක් සහිත ව්‍යවසායකයින් 50 දෙනකුගේ පමණ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

    ජාතික පසු අස්වනු කළමනාකරණය ආයතනයේ (NIPHM) ප්‍රධාන පර්යේෂණ නිලධාරී ඩබ්ලිව්.එම්.සී.බී. වාසල මහතා සහ පර්යේෂණ නිලධාරි අමන්දා වීරසිංහ මහත්මිය විසින් දේශන පවත්වන ලදි.

    එම පුහුණු වැඩසටහනේදී පසු අස්වනු හානිය සිදුවන ආකාරය,  පසු අස්වනු තාක්ෂණයේ වැදගත්කම, පසු අස්වනු හානිය අවම කර ගැනීම සදහා නවීන තාක්ෂණ ක්‍ර‍මවේද යොදාගැනීම, අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග, ඇසුරුම්කරණයේ වැදගත්කම, පසු අස්වනු හානිය වලක්වාගැනීම සදහා සුදුසු ඇසුරුම් ක්‍ර‍ම තෝරාගැනීම හා නිවැරිදි ඇසුරුම් ද්‍ර‍ව්‍ය තෝරාගන්නා ආකාරය  පිළිබදව දැනුවත් කෙරිණි.

    වැඩසටහන සදහා සහභාගී වූ එක් එක් ව්‍යවසායකයින් සදහා සුදුසු ඇසුරුම්කරණ ක්‍ර‍වේදය පිළිබද විසදුම් ලබාදීම ජාතික පසු අස්වනු කළමනාකරණය ආයතනය විසින් සිදුකළ අතර  මැක්බර්ටන් ආයතනය (MACBERTAN) විසින් ඇසුරුම්කරණය සිදුකරන ආකාරය පිළිබද ප්‍රායෝගික ඉදිරිපත් කිරීමක් ද සිදුකරන ලදි.

    ශ්‍රී ලංකාවේ පසු අස්වනු හානි සැලකිය යුතු මට්ටමක පවතින අතර එය එළවළු වලින් 20% - 30% සහ පලතුරු වලින් 15% - 20% අතර ප්‍රමාණයකට බලපායි.ජාතික ඇසුරුම් මධ්‍යස්ථානයේ අරමුණ වන්නේ දේශීය අමුද්‍ර‍ව්‍ය යොදා ගනිමින් නව්‍ය ඇසුරුම්කරණය ප්‍ර‍ර්ධනය කිරීම, ඇසුරුම්කරණය මඟින් අපනයන නිශ්පාදනවලට ඉහළ අගයක් ලබා දීම සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පසු අසවනු හානිය අවම කිරීමයි.

    ඇසුරුම්කරණ කර්මාන්තය ප්‍ර‍වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජාතික ඇසුරුම්කරණ මධ්‍යස්ථානය පසුගිය වසරේදි අපනයන සංවර්ධන මණ්ඩලය තුළ ස්ථාපනය කරන ලදි. අපනයනකරුවන්, ඇසුරුම් කර්මාන්තයේ නියැලෙන්නන්, නිෂ්පාදකයින්, නිර්මාණකරුවන් විභව ව්‍යවසායකයින්කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්කාන්තා ව්‍යවසායකයින්වෙනත් මේ ආශ්‍රිත රාජ්‍ය ආයතනවිශ්වවිද්‍යාල සහ පාසල් ශිෂ්‍යයන්පර්යේෂණ සහ සංවර්ධන ආයතනසැපයුම් සේවා සපයන්නන් යන සියලුම පාර්ශ්වකරුවන්ගේ ප්‍රයෝජනය උදෙසා ඇසුරුම්කරණ සංවර්ධන විෂයට අදාළ ව්‍යාපෘති සඳහා ජාතික කේන්ද්‍රස්ථානය ලෙසජාතික ඇසුරුම් මධ්‍යස්ථානය (NPC) ක්‍රියා කරයි.