ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් කලමනාකාරිත්වය හමුවෙයි

    July, 23, 2018

    ව්‍යාපාර ප‍්‍රවර්ධනය සහ දිගුකාලීන තිරසාරත්වය සඳහා සහය පල කරයි

    ගරු ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගියදා ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් වෙත පැමිණ ආයතනික කලමනාකාරිත්වය හමුවී ආයතනයේ ඉදිරි මාවත පිළිබඳ සාකච්ඡුා කලේය.

    තම කොටස්කරුවන්ට වාසි සැලසෙන අතරම පාරිභෝගිකයන්ට හොඳම සේවාව සැලසීම සඳහා ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී අවබෝධයක් ලබාගත්තේය. ආයතනයේ ඉදිරි ගමන පිළිබඳව ජ්‍යේෂ්ඨ කලමනාකාරිත්වය සමග පැවති සාකච්ඡුා සඳහා අමාත්‍යවරයා සක‍්‍රිය ලෙස සහභාගි වූයේය.

    මෙහිදී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියාසිටියේ ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස්හි ඉදිරි ගමන නිර්භීත වියයුතු බවත් නවෝත්පාදන මුල්කරගත් දැක්මක් ඒ සඳහා පාදක කරගතයුතු අතර මෙි හරහා ගෝලීය රක්‍ෂණ ක්‍ෂේත‍්‍රයේ පවතින නිවැරදි ක‍්‍රියාමාර්ග හඳුන්වා දියයුතු බවත්ය. පාරිභෝගිකයන්ට පළමුතැන දෙන ක‍්‍රියාමාර්ග සහ කෙටිකාලීන ආර්ථික වාසි වෙනුවට තිරසාර සහ ලාබදායී පරිවර්තනයක වැදගත්කම මෙහිදී ඔහු විසින් අවධාරණය කලේය. මෙම අමාත්‍යංශයේ ඔහුගේ ධුර කාලය තුල ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයට තම ප‍්‍රමිති දිගටම පවත්වාගනිමින් සහ තවත් වැඩිදියුණු කරමින් ඉදිරි ගමන යාමට අවශ්‍ය සියලු සහය දීමටත් ඔහු ප‍්‍රතිඥා දුන්නේය.