ජිනසේන ජල පවිත්‍රකරණ ඒකක වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනතාවගේ බලාපොරොත්තු දල්වයි

    January, 9, 2018

    ජල පවිත්‍රකරණය සඳහා යොදාගන්නා Reverse Osmosis (RO) ඒකක සැපයීමේ ප්‍රමුඛයා ලෙස වාර්තා අතරට එක්වූ වසරක්

    ශ්‍රී ලංකාවේ ජල කළමණාකරන පද්ධති සහ විසඳුම් සපයන ප්‍රමුඛ සමාගමක් සහ Reverse Osmosis (RO) ඒකක සැපයීමේ ප්‍රමුඛයා ලෙස කටයුතු කරන ජිනසේන සමාගම විසින් මෙරට වකුගඩු රෝගයේ පීඩා විඳින ජනතාව වෙනුවෙන් සපයන Reverse Osmosis (RO) ඒකක සඳහා වන ඉල්ලුම් ඉහළ යයි.

    ජිනසේන සමාගමේ සභාපතිවරයා වන රොහාන් ජිනසේන මහතාගේ සංකල්පයක් අනුව වසර 2005 සිට ජිනසේන සමාගම ජල පිරිසිදු කරන ඒකක ස්ථාපිත කිරීම අරඹන ලදී. එහි සාර්ථකත්වය පෙන්නුම් කරමින් වසර 3ක් වැනි කෙටි කාලයක් තුළදී ජල පිරිසිදු කරන ඒකක 200 ක් විවිධ සංවිධාන හා විවිධ ව්‍යාපෘතින් යටතේ උතුරු මැද ,නැගෙනහිර ,උතුරු, සහ වයඹ පළාත් වල ස්ථාපිත කිරීමට මෙම සමාගම සමත් වී තිබේ. වර්තමානය වන විට සමාගම විසින් තවත් ව්‍යාපෘතීන් 88 ක් ඉදිකෙරෙමින් පවතින අතර 2017 වසර අවසානයට පෙර එම සංඛ්‍යාව 100 දක්වා වර්ධනය කිරීම සමාගමේ අපේක්ෂාවයි.මෙම සෑම ව්‍යාපෘතියකින්ම අවම වශයෙන් පවුල් 300 කට ජල පහසුකම් ලබාදීමට නියමිතව තිබේ. ඒ අනුව අද වනවිට පවුල් 25000 ක පමණ ප්‍රමාණයකට පිරිසිදු ජල පහසුකම් සැපයීමට ජිනසේන සමාගමට හැකිවී තිබේ.

    ශ්‍රී ලංකා රජය , විවිධ සමාගම් වල ප්‍රජා සේවා ව්‍යාපෘති, දේශිය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන වල ඉල්ලීම පරිදි ජිනසේන සමාගම විසින් මෙම ජල පිරිසිදුකරන ඒකක පිහිටුවීම සිදුකරයි.මීට අමතරව ත්‍රිවිධ හමුදා කඳවුරු සඳහා ද ජල පිරිසිදුකරන ඒකක පිහිටුවීම සිදු කරන්නේ ජිනසේන සමාගම විසිනි.

    ජල කළමණාකරන පද්ධති සහ විසඳුම් සපයන ජිනසේන සමාගම සාමාන්‍ය ජල සැපයුම් ක්‍රියාවලිය, භාවිත කළ ජලය යළි පිරිසිදුකරනය සහ යළි භාවිතයට ගැනීමේ ක්‍රියාවලිය ආදිය සඳහා විසඳුම් සපයයි. ආස්‍රැත ජලය නිපදවීමේ උපකරණ, රසායනික පිරිසිදුකිරීම් සිදුකරන වතුර පොම්ප,වායු පද්ධති, UV ආරක්ෂණ පද්ධති, ජල මෘදුකාරක, යකඩ ඉවත් කිරීමේ සහ පිරිපහදුකරණ ආදී පද්ධතින් රැසක් සපයයි. තවද ජල පෙරුම්කරණ සේවා සහ ජල පෙරුම්කාරක සවිකිරීම මෙන්ම ජල සාම්පල පරීක්ෂාව ආදී සේවා රැසක් ද සපයනු ලබයි. කොළඹ සහ අනුරාධපුර නගර වල ජිනසේන සමාගම විසින් ජල සාම්පල පරීක්ෂණ මධ්‍යස්ථාන දෙකක් පිහිටුවා තිබේ. ඇමරිකාවේ HATCH පරීක්ෂණාගාරයේ තාක්ෂණයට සමාන තාක්ෂණයකින් මෙම පරීක්ෂණාගාර තුළ ජල සාම්පල පරීක්ෂා කරනු ලබයි

    පාරිභෝගිකයින් විසින් සපයන ජල සාම්පල අති නවීන තාක්ෂණික පහසුකම් සහිත විද්‍යාගාර තුළදී පරීක්ෂා කරන ජිනසේන සමාගමේ විශේෂඥයින් ඒ ඒ සාම්පලයට අදාල ජලයේ තත්වය මැනවින් හඳුනා ගනිමින් එම ජල සාම්පලයට ගැලපෙන පවිත්‍රකරණ විසඳුම සපයයි. මෙම පවිත්‍රකරන විසඳුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අනිකුත් උපාංග ජිනසේන සමාගම සමඟ වසර ගණනාවක් පුරා කටයුතු කරන විවිධ ආයතන විසින් සපයන අතර එම පද්ධතිය ස්ථාපනය කිරීමෙන් පසු දිවයින පුරා ස්ථාන 19 ක පිහිටුවා ඇති ජිනසේන අලෙවි මධ්‍යස්ථාන මඟින් අලෙවියෙන් පසු සේවා සපයනු ලැබේ. වකුගඩු රෝගයට ගොදුරු වී ඇති ගම්මාන වල ප්‍රජා පාදක සංවිධාන වල සහය ලබාගනිමින් මෙම ජල පිරිසිදුකරණ ඒකක වල දෛනික නඩත්තු කටයුතු සිදුකෙරෙන අතර මසකට වරක් ජිනසේන සමාගමේ ඉංජිනේරුවන් විසින් අදාල ඒකක නිරීක්ෂණය කරනු ලබයි. එමෙන්ම ජිනසේන සමාගමේ ජංගම මෙහෙයුම් කණ්ඩායම දින 365 පුරාම හදිසි අතවශ්‍ය අළුත් වැඩියා කටයුතු සඳහා සූදානමින් තබා ඇති නිසා කිසිදු අවහිරතාවකින් සහ බාධාවකින් තොරව පිරිසිදු ජලය ලබාගැනීමේ හැකියාව මෙම ප්‍රදේශවල ජනතාවට හිමිවෙයි.

    ජිනසේන සමාගමේ වෙළඳ හා අලෙවි කළමණාකරු ( ජල පිරිසිදුකරණ ) නලින් ගංගොඩ මහතා සඳහන් කළේ ජාතික ජලාපවාහන මණ්ඩලය වැනි රජයේ ආයතන සමඟ සමීපව කටයුතු කරමින් ඔවුන්ගේ ටෙන්ඩර් පටිපාටියට අනුව අදාල ඇණවුම් ලබාගනිමින් උසස් සේවාවක් සැපයීමට තම සමාගමට හැකිවී ඇති බවයි.එමෙන්ම දේශිය හා විදේශිය රාජ්‍ය නොවන සංවිධාන තම සමාගාම කෙරෙහි තබා ඇති විශ්වාසයට හානි නොවන ආකාරයට තත්වයෙන් උසස් සේවාවක් සැපයීමට තමන්ට හැකිවී ඇති බවද පෙන්වා දුන්නේය. එම සංවිධානවල ව්‍යාපෘතින් සඳහා තරඟකාරී මිල ගණන් යටතේ පරිසර හිතකාමී ජල කළමණාකරණ විසඳුම් සැපයීමට තම සමාගමට හැකිවීම නිසා එම විශ්වාසය තවදුරටත් තහවුරු වී ඇති බව ද සඳහන් කළේය. මීට අමතරව පුද්ගලික සමාගම් ගණනාවක් පසුගිය කාලය පුරා මෙම වකුගඩු රෝගයෙන් පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් ප්‍රජා සේවා රැසක් දියත් කළ බවත් එහිදී ද උසස් සේවාවක් සපයමින් කටයුතු කිරීමට තම සමාගමට හැකිවූ බවත් නලින් ගංගොඩ මහතා සඳහන් කළේය. අලෙවියෙන් පසු ලබා දෙන විශිෂ්ඨ සේවය නිසා බාධාවකින් තොරව ජල පහසුකම් භුක්ති විඳිමට ජනතාවට හැකි වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    වර්ෂ 1905 ජිනසේන සමාගම ආරම්භ වූයේ ශ්‍රී ලාංකිකයෙකුට හිමි ප්‍රථම ඉංජිනේරුමය සමාගම ලෙසිනි.පසුව මෙම සමාගම 1932 දී මෙරට ප්‍රමුඛ ඉංජිනේරු සමාගම් 5 අතරට ශ්‍රේණිගත කෙරින.පසුව 1950 වසරේදී මෙම සමාගමේ ආරම්භකයා වූ ටී. ජිනසේන මහතාගේ පුත්‍රයා විසින් ජිනසේන සෙට්‍රික් වතුර පොම්පය මුල් වරට නිපදවීය. එතැන් පටන් මේ දක්වා සම්පුර්ණයෙන්ම මෙරටදී නිපදවන එකම වතුර පොම්පය වන්නේ ජිනසේන සෙට්‍රික් වතුර පොම්පයයි. අලෙවියෙන් පසු සේවාව සහ අවශ්‍ය තරම් අමතර කොටස් මෙන්ම දිගු කලක් තිස්සේ පවතින විශ්වාසය යනාදී කරුණු මත ජිනසේන වතුර පොම්පය මේ වනවිට ජනතාව අතර ප්‍රමුඛ නමක් දිනා සිටියි. මේ වනවිට ජිනසේන සමාගම ජල පොම්පකරණ විසඳුම්සහ වාරිමාර්ග විසඳුම් මෙන්ම ජල පිරිසිදුකරණ විසඳුම් සපයයි.

    එකම වහලක් යටදී සියලුම ජල ආශ්‍රිත විසඳුම් ලබාගත හැකි සමාගම් කිහිපය අතුරින් ප්‍රමුඛ තැනක් ජනසේන සමාගමට හිමිව තිබේ.මීට අමතරව මෙම සමාගම පුනර්ජනනීය බලශක්ති විසඳුම් සහ කෘෂි යන්ත්‍රෝපකරණ සපයීමේ කාර්යයේද නිරත වන්නේ “විවිධ හැකියාවන්ගෙන්යුත් එකම විශ්වාසනීය නාමයක් “ යන තේමාව පසක් කරමිනි.

    ඡායාරූප - ජිනසේන සමාගම විසින් Reverse Osmosis (RO) ඒකකයක්