ජිනසේන විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම නැනෝ තාක්ෂණික ජල පවිත්‍රකරණ මධ්‍යස්ථානය පෙළොන්නරුවේ ස්ථාපිත කරයි

    October, 26, 2018

    වකුගඩු රෝගයෙන් පීඩිත ගම්මානවල පවුල් 300 කට අධික පිරිසිකට පිරිිසිදු පානීය ජල සැපයීමේ ව්‍යාපෘතියක්. 
     
    ශ්‍රී ලංකාවේ ජල කළමණාකරන පද්ධති සහ විසඳුම් සපයන ප්‍රමුඛ සමාගමක් සහ Reverse Osmosis (RO) ඒකක සැපයීමේ ප්‍රමුඛයා ලෙස කටයුතු කරන ජිනසේන සමාගම  විසින් ප්‍රථම වරට මෙරට දී නැනෝ තාක්ෂණික ජල පවිත්‍රකරණ පද්ධතියකA පෙළොන්නරුවේදී ස්ථාපිත කරයි. 
     
    මෙම මධ්‍යස්ථානය පෙළොන්නරුව සේගල ග්‍රාමයේ දී උත්සවාකාරයෙන් විවෘත කළ අතර ඒ සදහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා, උසස් අධ්‍යාපන අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා, රජයේ නියෝජිතයන් කිහිපදෙනෙක්, ජිනසේන සමාගමේ කළමණාකාරිත්වය හා කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    ජිනසේන සමාගම විසින් J-AQUA නැනෝ තාක්ෂණික ජල පිරිපහදු පද්ධතියක් වන Nano Filtration (NF) ජල පවිත්‍රකරණය සදහා යොදා ගනියි. Nano Filtration (NF) යනු පටලමය ආකාරයට ජලය පිරිපහදු කරන පද්ධතියකි. මේ මගින් ඉහළ සංයුජතාවකින් යුත් ලවණ වර්ග හෝ ද්වි සංයුජමය මූලද්‍රව්‍ය ඉවත් කරයි. නමුත් සෝඩියම් ක්ලෝරයිඩ් වැනි ඒකසංයුජමය ලවණ වලට ඒ හරහා යාමට හැකියාව පවතී. ප්‍රධාන වශයෙන් මෙම NF පටලය කාර්මීකරණ යෙදවුමක් ලෙස ජලයෙහි ඇති ඝණත්වය අඩු කිරීමට යොදා ගනියි.  NF පිරිපහදු ක්‍රමය වඩාත් ගැළපෙනුයේ ජලයේ ද්‍රවිත ස්ඵතික ප්‍රමාණය (TDS) 1500ppm ට වඩා අඩු ඕනෑම ජල මූලාශ්‍රයක් සදහා ය. තවද නැනෝ පිරිපහදු මගින් විෂ ද්‍රව්‍ය, බැර ලෝහ සහ අනෙකුත් කාබනික සංයෝග බැහැර කර ජලයෙහි දුඟද හා රස ඉවත් කරයි. 
     
    දිවයින පුරා ඇති වකුගඩු රෝගයට ගොදුරු වූ ප්‍රදේශ වලින් ජලය පිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන සදහා දැඩි ඉල්ලූමක් ඇති බව ජිනසේන සමාගම වටහා ගෙන ඇත. මේ සදහා සමාගම සතු පුළුලA අත්දැකීම් යොදා ගනිමි න් 2005 වසරේ සිට ජල පිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කිරිම සමාගමේ සභාපති රොහාන් ජිනසේන මහතාගේ මග පෙන්වීම යටතේ සිදු විය. පසුගිය වසර 3 ක් වැනි කෙටි කාලයක් තුළ අති සාර්ථක ලෙස ජල පිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන 200 ට වැඩි ප්‍රමාණයක් විවිධ සංවිධාන සහ විවිධ ව්‍යාපෘති හරහා වකුගඩු රෝගය ආසාධිත උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම යන ප්‍රදේශවල ස්ථාපිත කර ඇති අතර තවත් ව්‍යාපෘති 88 ක් පමණ ක්‍රියාත්මක වෙමින් පවතී. තවද 2017 වසර තුළ පමණක් ව්‍යාපෘති  100 ට වඩා සිදු කරන ලදී. මේ සෑම පිරිපහදු මධ්‍යස්ථානයකින්ම පවුල් 300 ට වැඩි ප්‍රමාණයක් සදහා සේවාව සැපයීමට හැකි අතර එමගින් දිවයින පුරා පවුල් 25 000 ට වඩා ප්‍රමාණයක් සදහා පිරිසිදු පානීය ජලය ලබා දීමට හැකි වී ඇත. 
     
    නව තාක්ෂණය පිළිබද අදහස් දක්වමින් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ජල පිරිපහදු) නලින් ගණේගොඩ මහතා පවසා සිටියේ "බොහෝ කර්මාන්ත විසින් නැනෝ තාක්ෂණය" සිය අනාගතය ලෙස සලකනු ලබයි. 
     
    සමාඟමක් වශයෙන් ඔවුන්ද නව තාක්ෂණය සමග කටයුතු කිරීමට සූදානමින් සිටිය යුතු බවත් එහි ප්‍රතිඵලයක් ලෙස පළමු නැනෝ තාක්ෂණික ජල පිරිපහදු මධ්‍යස්ථානය ස්ථාපිත කර සේගල ආශ්‍රිත පවුල් 350 පමණ ජීවන තත්වය ඉහළ නැංවීමට හැක වී ඇති බවයි. මෙම මැදිහත් වීමට පෙර තිබූ CSR ව්‍යාපෘති හරහා මෙම පවුල් වලට ගුණාත්මක බවින් අඩු නළ ලිං ජලය නිසා අවාසනාවන්ත ලෙස වකුගඩු රෝගයේ (CKD) වැඩි වීමක් දක්නට හැක. ඔවුන් විශ්වාස කරන ආකාරයට මෙම මධ්‍යස්ථානය හරහා වකුගඩු රෝගය පැරදවීමට හැකි වු බව පෙන්වා දුන්හ¡
     
    සාර්ථක ලෙස මෙම මධ්‍යස්ථානය ආරම්භ කිරීමෙන් පසු දිවයින පුරා මධ්‍යස්ථාන 19 ක පිහිටුවා ඇති ජිනසේන අලෙවි මධ්‍යස්ථාන මගින් අලෙවියෙන් පසු සේවා සපයනු ලැබේ.  වකුගඩු රෝගයට ගොදුරු වී ඇති ගම්මාන වල ප්‍රජා පාදක සංවිධාන වල සහය ලබාගනිමින් මෙම ජල පිරිපහදු සිදුකරණ ඒකක වල දෛනික නඩත්තු කටයුතු සිදුකෙරෙන අතර මසකට වරක් ජිනසේන සමාගමේ ඉංජිනේරුවන් විසින් අදාල ඒකක නීරීක්ෂණය කරනු ලබයි. එමෙන්ම ජිනසේන සමාගමේ ජංගම මෙහෙයුම් කණ්ඩායම දින 365 පුරාම හදිසි අතවශ්‍ය අළුත් වැඩියා කටයුතු සඳහා සූදානමින් තබා ඇති නිිසා කිසිදු අවහිරතාවකින් සහ බාධාවකින් තොරව පිරිසිදු ජලය ලබාගැනීෙමි හැකියාව මෙම ප්‍රදේශ වල ජනතාවට හිමිවෙයි. 
     
    වර්ෂ 1905 ජිනසේන සමාගම ආරම්භ වූයේ  ශ්‍රී ලාංකිකයෙකුට හිමි ප්‍රථම ඉංජිනේරුමය සමාගම ලෙසිනි. පසුව මෙම සමාගම 1932 දී මෙරට ප්‍රමුඛ ඉංජිනේරු සමාගම් 5 අතරට ශ්‍රේණිගත කෙරිණ. පසුව  1950 වසරේදී මෙම සමාගමේ ආරම්භකයා වූ ටී. ජිනසේන මහතාගේ පුත්‍රයා විසින් ජිනසේන සෙට්‍රික් වතුර පොම්පය මුල් වරට නිපදවීය. එතැන් පටන් මේ දක්වා සම්පුර්ණයෙන්ම මෙරටදී නිපදවන එකම වතුර පොම්පය වන්නේ ජිනසේන සෙට්‍රික් වතුර පොම්පයයි. අලෙවියෙන් පසු සේවාව සහ අවශ්‍ය තරම් අමතර කොටස් මෙන්ම  දිගු කලක් තිස්සේ පවතින විශ්වාසය යනාදී කරුණු මත ජිනසේන වතුර පොම්පය මේ වනවිට ජනතාව අතර ප්‍රමුඛ නමක් දිනා සිටියි. මේ වනවිට ජිනසේන සමාගම ජල පොම්පකරණ විසඳුම් සහ වාරිමාර්ග විසඳුම් මෙන්ම ජල පිරිසිදුකරණ විසඳුම් සපයයි. එකම වහලක් යටදී සියලුම ජල ආශ්‍රිත විසඳුම් ලබාගත හැකි සමාගම් කිහිපය අතුරින් ප්‍රමුඛ තැනක් ජිනසේන සමාගමට හිමිව තිබේ. මීට අමතරව මෙම සමාගම පුනර්ජනනීය බලශක්ති විසඳුම් සහ කෘෂි යන්ත්‍රෝපකරණ සැපයීමේ කාර්යයේද නිරත වන්නේ "විවිධ හැකියාවන්ගෙන්යුත් එකම විශ්වාසනීය නාමයක්" යන තේමාව පසක් කරමිනි. 
      
    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිළ වශයෙන් නැනෝ තාක්ෂණික ජල පිරිපහදු පද්ධතිය විවෘත කරමින්. 
    ජිනසේන විසින් ඉදිකළ දිවයිනේ ප්‍රථම නැනෝ තාක්ෂණික ජල පිරිපහදු පද්ධතිය.