ජූනි කාර්තුවේ සමාගම් ප්‍රතිඵල නිකුත් වීම ඇරඹෙයි. කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් ලාභය 34% කින් ඉහළට

    July, 19, 2018

    2018 ජූනි 30 න් අවසන් කාර්තුව සඳහා මූල්‍ය ප්‍රතිඵල නිකුත් කිරීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් සමාගමේ කාර්තුමය මූල්‍ය වාර්තාව ඊයේ (18/) දිනයේ දී ප්‍රකාශයට පත් විය.

    මෙහිදී සමාගමේ ආදායම රුපියල් මිලියන 801 ක් ලෙසින් වාර්තා වන අතර එය පසුගිය වසරේ අදාළ කාර්තුව හා සැසඳීමේ දී 10% ක ඉහළ යාමකි. මේ අතර දළ ලාභය රුපියල් මිලියන 226.5 ක් ලෙසින් සටහන් වන අතර එය 15% ක වැඩි වීමකි.

    සමාගමේ බදු වියදම් ගෙවී ගිය කාර්තුවේ දී රුපියල් මිලියන 19.89 සිට රුපියල් මිලියන 25.52 දක්වා සියයට 28 ක වැඩිවීමක් පෙන්නුම් කර තිබේ.

    බදු ගෙවීමෙන් පසු කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් සමාගම 2018 ජූනි 30 න් අවසන් කාර්තුව සඳහා රුපියල් මිලියන 56.26 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර 2017 ජූනි කාර්තුවේ දී වාර්තා කර ඇති රුපියල් මිලියන 41.91 ක ලාභය හා සැසඳීමේ දී මෙය 34% ක ඉහළ යාමකි.