ජූලි මාසයේ පොහොර අවශ්‍යතාවයේ වටිනාකම ඩොලර් මිලියන 15 ඉක්මවයි. ටෙන්ඩර් ලබා ගත් සමාගම් මෙන්න

    July, 5, 2019

    සීමාසහිත ලංකා පොහොර සමාගමේ හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ ජූලි මාසය සඳහා වන පොහොර අවශ්‍යතා සපුරාලීම සඳහා යූරියා (ග්‍රැනියුලා) මෙට්‍රික් ටොන් 30,000ක්, මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 318.25 බැගින් ඇග්‍රිකොමෝඩිටිස් ඇන්ඩ් ෆයිනෑන්ස් වෙතින්ද, මියුරියේට් ඔ‍ෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 3,000ක්, මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 342.2 බැගින් සීමාසහිත ඇග්‍රිකල්චරල් රිසෝසස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම වෙතින්ද හා ට්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන් 15,500ක් මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 324 බැගින් සීමාසහිත ගෝල්ඩන් බාලි ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම වෙතින්ද මිල දී ගැනීම සඳහා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මෙහි සමස්ත වටිනාකම ඩොලර් මිලියන 15.43 කි.