ජූලි මාසයේ සංචාරක පැමිණීම 100,000 ඉක්මවයි

    July, 18, 2025

    2025 ජූලි මාසයේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 100,000 සීමාව ඉක්මවා ඇති බවට වාර්තා වෙයි.

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කරනු ලැබූ නවතම නිල දත්තා වාර්තාවන්ට අනුව ජූලි මාසයේ පලමු දින 16 තුළ 98,765 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර අද දිනය වන විට එම ප්‍රමාණය 100,000 සීමාව ඉක්මවා ඇති බවටයි වාර්තා වන්නේ.

    ඒ අනුව මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,266,809කි.

    මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වන්නේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 261,681ක් ලෙසයි.

    මීට අමතරව එක්සත් රාජධානියෙන් 118,555ක්, රුසියාවෙන් 113,888ක් සහ ජර්මනියෙන් 79,726ක් ලෙස වසරේ ගත වූ කාල සීමාව තුළ වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates