May, 8, 2019
මාස කිහිපයකට පෙර ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආනයනය කළ ජෙනරේටර් තොගයක්, විවිධ ස්ථානයන්හි ක්‍රියාවිරහිත තත්ත්වයෙන් තිබෙන බවට පසුගිය වකවානුව තුළ පැතිර තිබූ කරුණ සම්බන්ධයෙන් කරුණු දැනගැනීම සදහා පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලයට අයත් කොළොන්නාව පද්ධති පාලන ඒකකය සහ ග්‍රිඩ් උපපොල පැවති නිරීක්ෂණ චාරිකාවකට විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා එක්විය.
මෙහිදී අදහස් දැක්වූ විෂයභාර අමාත්‍ය කරුණානායක මහතා,
“ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය දිනවල ආනයනය කර තිබෙන ජෙනරේටර් වැඩ කරන්නේ නැහැ කියලා පැමිණිල්ලක් තිබුණා. මේවා ගෙනල්ලා දැන් මාස 03 ක් වෙනවා. දැනට කොළාන්නාවේ තිබෙන ජෙනරේටර් 20 න් ජෙනරේටර් 02 ක් වැඩ නොකරන තත්ත්වයකට පත්වෙලා. ඒ ගැන අපි සොයා බැලිය යුතුයි. මෙම ජෙනරේටර් ගෙනැවිත් තිබෙන්නේ පද්ධතියට යම් අවස්ථාවක විදුලිය අඩුවීමක් සිදු වුනොත් පාවච්චි කරන්නයි. එහෙම නැතිව සථිරසාර ජනනය කිරීමක් සදහා නොවෙයි. මේ ආකාරයෙන් ආනයනය කළ ජෙනරේටර් 50 න් 10 ක් තුල්හිරියේ, තවත් 20 ක් කළුතර, මතුගම යන ස්ථාන වල තිබෙනවා. ඒවත් වැඩ කරන ආකාරය අපි සොයා බලනවා.“
“විශාල වටිනාකමකින් යුත් මෙවැනි ජෙනරේටර් මිලදී ගැනීමකදි, ඒ පිළිබදව හොදින් සොයා බලා තත්ත්ව සහතික පරීක්ෂා කිරීමෙන් පසුව තමයි මිලදී ගතයුත්තේ. සාමාන්‍යයෙන් ලංවිම විසින් යම් මිලදී ගැනීමක් සිදු කිරීමේදී විශාල කාර්යයන් ජාලයක් යටතේ තමයි මේ මිලදී ගැනීම කළ යුත්තේ. මේ පිළිබදව නොයෙක් දෙනා විවිධ අදහස් පලකරනවා. ඒ නිසා මෙම ජෙනරේටර් මිලදී ගත් ක්‍රියා පිළිවෙත ගැනත් මා ඉදිරියේදී සොයා බලන්න ඕන.“
Video Story