ජෝන් කීල්ස් පදනම සහ මධ්‍යම පරිසර අධිකාරිය අතර පවතින දීර්ඝකාලීන හවුල්කාරීත්වය යටතේ රූමස්සල සොබාකෙත ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානය අලුත්වැඩියා කෙරේ

    July, 15, 2026

    රූමස්සල සොබාකෙත ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානය 2008 මැයි 01 දින ආරම්භ වූයේ මධ්‍යම පරිසර අධිකාරිය සහ ජෝන් කීල්ස් පදනම අතර පුරෝගාමී රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් වශයෙනි. මෙම වසර මුලදී ජෝන් කීල්ස් පදනමේ දායකත්වය යටතේ පුළුල් ප්‍රතිසංස්කරණවලට ලක් වූ එය 2026 ජූලි 8 දින නැවතත් මධ්‍යම පරිසර අධිකාරියට නිල වශයෙන් භාර දෙන ලදී.

    මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම්, එම අධිකාරියේ දකුණු පළාත් අධ්‍යක්ෂතුමන් සහ සහකාර අධ්‍යක්ෂතුමන්, ජෝන් කීල්ස් සමූහයේ දේපළ හා සංචාරක අංශ සභාපති නයන මාවිල්මඩ, Cinnamon Hotels & Resorts ප්‍රධාන විධායක නිලධාරී හිෂාන් සිංහවංස, ජෝන් කීල්ස් සමූහයේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී ඉසුරු ගුණසේකර සහ සමූහ ආයතනික සමාජ වගකීම් ප්‍රධානී කාමලීන් ජයසූරිය යන මහත්ම මහත්මීන් සමඟ ජෝන් කීල්ස් පදනම සහ Cinnamon Hotels & Resorts නියෝජනය කරන තවත් නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.

    ඓතිහාසික වටිනාකමකින් යුත් දර්ශනීය රූමස්සල කන්දේ පිහිටා ඇති මෙම මධ්‍යස්ථානය පසුගිය වසර 18 පුරාම පාරිසරික අධ්‍යයන කටයුතු සඳහා පහසුකම් සලසන කේන්ද්‍රයක් ලෙස ක්‍රියාත්මක වී තිබේ. පාසල් සිසුන්, රජයේ නිලධාරීන් සහ වෙනත් පුද්ගලයන් 23,480 කට අධික පිරිසක් මේ දක්වා මෙම මධ්‍යස්ථානය භාවිතා කර ඇත. මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිය ප්‍රමුඛතම පාරිසරික ක්ෂේත්‍ර මධ්‍යස්ථානය ලෙස භාවිතා කරනු ලබන මෙම මධ්‍යස්ථානය හරහා ලැබෙන සේවාවන් මින් ඉදිරියට තවදුරටත් පුළුල් වනු ඇත. එමෙන්ම ඉදිරියේදී මෙය වඩාත් ස්වාධීන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගැනීමේ හැකියාව සොයාබැලීමටද තීරණය වී තිබේ.

    “ප්‍රතිසංස්කරණය කරන ලද රූමස්සල සොබාකෙත ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානය නැවත මධ්‍යම පරිසර අධිකාරිය වෙත භාරදීමේ උත්සවයට සහභාගී වීමට ලැබීම මහත් සතුටක්. මෙම මධ්‍යස්ථානය 2008 වසරේදී ආරම්භ කරන ලද්දේ ජෝන් කීල්ස් පදනමේ මූල්‍ය ආධාර ඇතිවයි. එය නැවත ප්‍රතිසංස්කරණය කර මධ්‍යම පරිසර අධිකාරියට භාර දීම අද සිදු වුණා. මෙම මධ්‍යස්ථානය පාසල් සිසුන්ට අත්දැකීම් තුළින් ඉගෙන ගැනීමට සහ ධනාත්මක ආකල්ප වර්ධනය කරගැනීමට සහය වෙමින්, අනාගත පරම්පරාවන් තුළ පරිසරය පිළිබඳ විශාල ගෞරවයක් ඇතිකරවන කේන්ද්‍රයක් ලෙස දිගින් දිගටම ක්‍රියාත්මක වේවි.  මෙම මධ්‍යස්ථානය මඟින් ඉටුවන මෙහෙවර බාධාවකින් තොරව දීර්ඝකාලීනව පවත්වාගෙන යාම සඳහා ඉදිරියේදී එය වඩාත් ස්වාධීන පැවැත්මක් සහිත ස්ථානයක් බවට පත්කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය බලාපොරොත්තු වනවා. මෙහිදී අපගේ අවසාන ඉලක්කය වන්නේ පරිසරය කෙරෙහි වගකීමෙන් කටයුතු කරන සමාජයක් නිර්මාණය කිරීමයි. පරිසරය රැකගැනීම යනු අනාගතය රැකගැනීමක්.” මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා පැවසීය.

    මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ස්වභාවික සම්පත්, වාසස්ථාන, ජෛව විවිධත්වය සහ වනජීවීන් සංරක්ෂණය හා ප්‍රවර්ධනය කිරීම තුළින් සැමගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ජෝන් කීල්ස් පදනම දරන උත්සාහයට මනා සාක්ෂියකි.  එමෙන්ම එය පරිසර සංරක්ෂණය හා ජෛව විවිධත්වය පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර හවුල්කාරීත්වයන් ඇතිකර ගැනීමේ වැදගත්කම මැනැවින් පිළිබිඹු කරයි.

    “අද මේ සනිටුහන් වූයේ ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා ජෝන් කීල්ස් සමාගම දක්වන කැපවීමේ තවත් වැදගත් සන්ධිස්ථානයක්. මේ දක්වා පරිසර අධ්‍යයන කටයුතු වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ රූමස්සල ක්ෂේත්‍ර මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර, එහි ධාරිතාව පුළුල් කර නැවත විවෘත කිරීමට අපට හැකි වුණා. දීර්ඝ කාලයක් පුරා අභියෝග රැසක් මධ්‍යයේ පවා මෙම මධ්‍යස්ථානය හරහා පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් වෙනුවෙන් විවිධ පාරිසරික වැඩසටහන් පැවැත්වීමට මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියා කළ ආකාරය ප්‍රශංසනීයයි. එමෙන්ම මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමේදී Cinnamon Nature Trails, Cinnamon Hotel Engineering සහ Cinnamon by Hikka Tranz වෙතින් ලැබුණු සහයෝගය සහ මොරටුව විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ පීඨය වෙතින් ලැබුණු මඟපෙන්වීම අප බෙහෙවින් අගය කරනවා. ඉදිරි වසරවලදී මෙම මධ්‍යස්ථානය තවත් දහස් ගණනකට පරිසර පිළිබඳ වටිනා දැනුමක් සහ අවබෝධයක් ලබාදේවි. එමෙන්ම මෙය වඩාත් ස්වාධීන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාම සඳහා දරන උත්සාහයන්ට පූර්ණ සහයෝගය ලබාදීමටත් අප බලාපොරොත්තු වනවා.” ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික සමාජ වගකීම් ප්‍රධානී කාමලීන් ජයසූරිය පැවසුවාය.

    රූමස්සල ක්ෂේත්‍ර මධ්‍යස්ථානය නැවත විවෘත කිරීමේ උත්සවයේදී ඊට අදාළ විශේෂ සමරු ඵලකයක් නිරාවරණය කරන ලද අතර, ජෝන් කීල්ස් පදනම විසින් රූමස්සල පිළිබඳ නිර්මාණය කරන ලද වාර්තා චිත්‍රපටයක්ද ප්‍රදර්ශනය කරන ලදි. එමෙන්ම එහිදී මධ්‍යම පරිසර අධිකාරියේ ඉදිරි සැලසුම් අනාවරණය කිරීම සහ මධ්‍යස්ථානය නිල වශයෙන් භාරදීමේ ලේඛනය දෙපාර්ශ්වය අතර හුවමාරු කරගැනීමද සිදු විය. උත්සවයෙන් අනතුරුව ඊට සහභාගී වූවන් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, වර්තමාන හා අනාගත සහයෝගීතාවන් පිළිබඳ සාකච්ඡාවලද නිරත වූහ.

    ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හි ආයතනික සමාජ වගකීමඅංශය වන ජෝන් කීල්ස් පදනමේ අවධානය යොමුවන ප්‍රධානතම අංශ (නව වර්ගීකරණය අනුව) වන්නේ අධ්යාපනය, ප්රජාව් හා ජීවනෝපාය , සමාජ සෞඛ්යය හා සහජීවනය සහ ජෛව විවිධත්වය යන අංශ 4 යි. කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී පරිපාලිත සමාගමක්ද වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට වැඩි ප්රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 18,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 20 ක් පුරා ශ්රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ‘ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංකාවිසින් සිද කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව සිව්වන වසරටත් ප්රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනටපිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්රේරකයක් ලෙසින් ද ක්රියා කරයි.

    Video Story

    Stock Market

    Exchange Rates