ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් පාලිත කොටස විකිණේ

    July, 21, 2014

    මෙරට මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහනට අනුව යමින් රුපියල් මිලියන 500 ක මුදලකට ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් සමාගමේ පාලිත කොටස් අයිතිය මිලදී ගැනීමට දේශෝදය ඩෙවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම ගිවිසුමකට එළඹ තිබේ.

    මේ අනුව, ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන කොටස් කරුවන් වන ජෝර්ජ් ස්ටුවර්ට් ඇන්ඩ් කම්පනි ලිමිටඩ් සහ කැපිටල් ට්‍රස්ට් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් යන සමාගම් වලින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය සහිතව දේශෝදය ඩෙවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් විසින් මෙම කොටස් අයිතිය මිලදීගනු ඇත.

    දේශෝදය ඩෙවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් යනු මෙරට ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ ප්‍රමුඛතම සමාගමක් වන අතර මෙම ඒකාබද්ධ වීමත් සමග සමාගම තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කර තිබේ.