ටච්වුඩ් පැරණි කළමනාකාරීත්වයට එරෙහිව විනිමය කොමිසම අධිකරණයට

    May, 23, 2014

    අර්බුදයට පත්ව තිබෙන ටච්වුඩ් රුක් රෝපණ සමාගමේ පෙර කළමනාකාරීත්වය සිදුකර ඇතැයි තහවුරු කරගෙන තිබෙන වංචාවන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව සූදානම් වනබව අප වෙත අනාවරණය වේ.

    සුරැකුම් පත් හා විනිමය කොමිසම විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම ජාත්‍යන්තර පොලීසිය සම්බන්ධ කරගනිමින් මෙම කළමනාකාරීත්වය විසින් සිදුකළ වංචාවන් පිළිබඳව සොයා බලා තිබෙන අතර එහිදී කරුණු ගණනාවක්ම සොයාගෙන තිබේ.

    මේ අනුව, මෙම කරුණු පදනම් කරගනිමින් පැරණි කළමනාකාරීත්වයට එරෙහිව ළඟදීම අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිසම සැලසුම් කර ඇත.

    ටච්වුඩ් රුක් රෝපණ සමාගමේ ණයකරුවන් පිරිසක් සමාගම ඈවර කරන ලෙස ගොනුකළ නඩුවට අදාළ අවසන් තීන්දුව ලබන ජුනි 05 වනදා අධිකරණය විසින් ලබාදීමට නියමිතය.