May, 5, 2022
අද වන විට රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදකාරීත්වය හමුවේ ටයිල් හා සනීපාරක්ෂක උපකරණ ආනයන කර්මාන්තයේ යෙදී සිටි ආනයනකරුවන් 300ගෙන් අඩුම තරමින් භාගයක් හෝ සිය ප්රාග්ධනය මෙරටින් පිටකර ගෙන ඇති බව, ටයිල් හා සනීපාරක්ෂක ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති කමිල් හුසේන් මහතා පවසයි.
ඊයේ (04) කොළඹ දී පැවති මාධ්‍ය හමුක දී ඔහු මේ බව අනාවරණය කර සිටි අතර එහි දී වැඩිදුරටත් හුසේන් මහතා කියා සිටියේ මෙම කර්මාන්තයේ රැකියාවන් හි නිරත වූ ලක්ෂයක පමණ පිරිසගනේ 75% කට පමණ මේ වන විට සිය රැකියා අහිමි වී ඇති බවයි.
අපේ ආර්ථිකය ඉතා නරක තත්ත්වයකට යමින් තිබෙනවා. එක් එක් ආණ්ඩු විසින් ගනු ලැබූ වැරදි තීරණවල ප්‍රතිඵලයක් ලෙසින් තමයි අද මේ තත්ත්වය උදාවෙලා තිබෙන්නේ.
ඉදිකිරීම් කර්මාන්තය සඳහා ටයිල් සහ සනීපාරක්ෂක කර්මාන්තය ඉතා වැදගත් දායකත්වයක් ලබාදෙනවා. ආර්ථික වර්ධනයේ එංජිම වන්නේ ඉදිකිරීම් අංශය. ඒ පිළිබඳ කතා කිරීමේ දී ඊට ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟයකින් තොරව ලබා ගැනීමට හැකියාව තිබිය යුතුයි.
අපේ කර්මාන්තයේ සේවකයින් ලක්ෂයක් පමණ සිටියා. අද වන විට ආනයන සීමා නිසා අපේ සේවකයින්ගෙන් 75% කට පමණ ඔවුන්ගේ රැකියා අහිමිවෙලා තිබෙනවා. සමහරු රටින් යන්න ගිහිං.
අපේ ටයිල් හා සනීපාරක්ෂක උපකරණ ආනයනකරුවෝ 300 ක් සිටියා. මේ 300 න් භාගයක්වත් ඔවුන්ගේ ප්රාග්ධනය රටින් පිටතට ගෙනිහිං තිබෙනවා. වත්මන් පාලකයින් විසින් අනුගමනය කළ වැරදි ප්‍රතිපත්ති නිසා තමයි මෙහෙම වුණේ.
මේ අමුද්‍රව්‍ය හිඟය නිසා අද වන විට බොහෝ ඉදිකිරීම් ව්‍යාපෘති නිසි කලට අවසන් කරන්න නොහැකි වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපාර්ට්මන්ට් ව්‍යාපෘති මේ නිසා දැඩි පීඩාවට ලක්වෙලා. ඩොලර් මිල ඉහළ යාම නිසා වියදම විශාල වශයෙන් ඉහළ ගිහිං.
අපි රටක් විදියට විදෙස් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට නම් අපිට ආකර්ෂණීය හෝටල් තිබිය යුතුයි. ඔබට ටයිල්, සනීපාරක්ෂක උපකරණ වැනි අමුද්‍රව්‍ය ප්‍රමාණවත් ආකාරයෙන් නොමැති නම් ඔබබට ඒ දේ කර ගන්න බැරුව යනවා.
Video Story