ටාටා වාහන සහ ඩිමෝ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ඩීමෝ සහ HNB අත්වැල් බැඳගනියි

    June, 25, 2018

    ටාටා මගී වාහන සහ වෙළඳ වාහන මෙන්ම ඩීමෝ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට  සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩිමෝ) සහ හැටන් නැෂනල් බැංකුව (HNB) යළිත් වරක් අත්වැල් බැඳගනියි. මෙම සහයෝගීතාව තුළින් පාරිභෝගිකයින් වෙත තත්වයෙන් උසස් සේවා රැසක් සහ වරප්‍රසාද රැසක් හිමිවනු ඇත. මෙහිදී විශේෂයෙන් සැකසූ ලීසිං පැකේජ සහ විශේෂ අඩුකළ පොලී අනුපාත ලබාගැනීමට අවස්ථාව හිමිවනු ඇත.

    මෙරට බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම බැංකුවක් වන  HNB හා ඩීමෝ එක්ව දශකයකට ආසන්න කාලයක් පාරිභෝගිකයින් වෙත විශ්වසනීය ලෙස පහසුදායි සේවා රැසක් පිරිනමා තිබේ.  හැටන් නැෂනල් බැංකුව විසින්  දිවයින පුරා පවත්වාගෙන යන   251කට අධික පාරිභෝගික සේවා මධ්‍යස්ථාන ජාලය නිසා පාරිභෝගිකයින්ට ඉතා පහසුවෙන්   ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන වාහන සහ කෘෂි  යන්ත්‍රෝපකරණ හිමි කර ගැනීමට අවස්ථාව සැලසෙයි.

    මෙම සුවිශේෂි ලීසිං පහසුකම් ක්‍රියාත්මක වන ටාටා වෙළඳ වාහන අතරට ටොන් එකකට වඩා අඩු බරකුඩා ප්‍රමාණයේ ට්‍රක් රථසිංගල් කැබ් රථමධ්‍යම සහ සැහැල්ලු වෙළඳ වාහන ( තට්ටුවේ දිග අඩි 10 සිට 20 දක්වා) බර වෙළඳ වාහනබස් රථ ( ආසන29 සිට 54 දක්වා) අඩි 40 කන්ටේනර් ප්‍රවාහනය කරන රථ  ඇතුළත් වෙයි. එමෙන්ම ටාටා මඟී වාහන අතරට ටාටා නැනෝ (ජනතාවගේ මෝටර් රථය) , 1.2 Litre ටර්බෝ පෙට්රල් එන්ජිමක් සහ සවයංක්‍රීය ගියර් පද්ධතියකින් සමන්විත ටාටා නෙක්සන් (ආසන 5) රථ ඇතුළත් වෙයි.

    ඉන්දියාවේ ටාටා මෝටර්ස් හා ඩිමෝ අතර වන වසර 57 කට අධික වෙළඳ සබඳතාව ඔස්සේ ටාටා වෙළඳ වාහන රැසක් මෙරට ජන ජීවිතයට සමීප කරවීමට ඩීමෝ සමාගමට හැකියාව ලැබී ඇත. ඩීමෝ සහ ටාටා එක්ව දිවයින පුරා අලෙවි කටයුතුසේවා සහ නියම අමතර කොටස්  මෙන්ම පැය 24 පුරා ක්‍රියාත්මක මාර්ගස්ථ උපකාරක සේවා ද සහිතව දිවයින පුරා නියෝජිත මධ්‍යස්ථාන 37 ක් පමණ පවත්වාගෙන යයි.

    ඩීමෝ කෘෂි යන්ත්‍රෝපකරණ අතරින් මෙම සුවිශේෂි ලීසිං පැකේජ සඳහා වලංගු වන්නේ මහින්ද්‍රා ට්‍රැක්ටර්ස්ක්ලාස් හාවෙස්ටර්ස්, Sharp Garuda mini tillers හා Kurtsan කිරි දෙවුම් උපකරණ ආදිය පමණි.

    ලීසිං වෙළඳ පළේ අඩුම පොලී අනුපාත  මෙහිදී පාරිභෝගිකයින් වෙත හිමිවන අතර අමතර වරප්‍රසාද යටතේ  HNB General Insurance යටතේ පිරිනමන රුපියල් මිලියන4ක් වටිනා ජීවිත රක්ෂණයක් මෙන්ම ඇතුළත් වීමේ ගාස්තු වලින් තොරව HNB ක්‍රෙඩිට් කාඩ්පතක් ආදිය හිමිවෙයි.