ටියාරා රෝලෝ නව රස දෙකක් හඳුන්වා දෙමින් ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය රසවත් කරයි

    September, 5, 2018

    සිලෝන් බිස්කට්ස් ලිමිටඩ් (CBL) සමාගම නිෂ්පාදනය කර බෙදාහරින ටියාරා රෝලෝ, නව රස දෙකක් ජනගත කරමින් මෑතකදී පැවති දෙරණ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය තවත් රසවත් කළේය.

    ජෑම් මැදිකළ චොකලට් ආවරණයකින් යුතුව මෙරට පාරිභෝගික ජනතාව අතර අතිශය ජනප්‍රිය වූ ටියාරා රෝලෝ, මෙම සරුංගල් සැණකෙළිය අතරතුරදී ඔරේන්ජ් සහ ආමන්ඩ් රසයෙන් නව රස දෙකක් මෙලෙස උත්කර්ෂවත් ලෙස පළමු වරට හඳුන්වා දුන්නේය.

    වර්තමානයේ පවතින කාර්යබහුල ජීවන රටාවට මැනවින් ඔබින ලෙස නිෂ්පාදනය කර ඇති ටියාරා රෝලෝ නව රස ද්විත්වය දවසේ ඕනෑම මොහොතක පහසුවෙන් රස විඳිය හැකි ලෙස ඉදිරිපත්කර ඇත.

    ආකර්ෂණීය සහ හුරුබුහුටි හැඩයෙන් යුතු මෙම නව නිෂ්පාදන, යෞවනයන් අතර කේක් සඳහා නව ප්‍රවණතාවක් ඇති කිරීමට සමත්වනු ඇතැයි CBL සමාගමේ විශ්වාසයයි. 'Let's do it!' තේමාව සමගින් ශීඝ්‍රයෙන් ජනප්‍රිය වන යොවුන් පාරිභෝගික අවශ්‍යතාවන් මැනවින් හඳුනා ගැනීමට ටියාරා රෝලෝ සන්නාමය සමත්ව සිටී.

    ජාත්‍යන්තර සරුංගල් සැණකෙළියේ අනුග්‍රාහකයෙකු ලෙස සම්බන්ධ වූ ටියාරා රෝලෝ ප්‍රවර්ධන පරිශ්‍රයට පිවිසි සරුංගල් ලෝලීන් හට මෙම නවත ම නිෂ්පාදන රස විඳීමටත්, විශේෂිත ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී වීමටත් අවස්ථාව උදාවිය. තවද, ටියාරා රෝලෝ සංවිධානය කර තිබූ ඡායාරූප පරිශ්‍රය තුළ ඡායාරූප ලබා ගැනීමටත් සංගීත සහ නර්තන අංග රස විඳීමටත් මෙහිදී ඔවුන්ට හැකි විය.

    "ඔරේන්ජ් සහ ආමන්ඩ් රසවලින් ටියාරා රෝලෝ නිෂ්පාදනය තවත් පුළුල් කිරීමට හැකිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. තාරුණ්‍යය ඉලක්කකර ගත් සන්නාමයක් ලෙස මෙම නව රසයන් ජනතාවට හඳුන්වා දීම සඳහා දෙරණ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය මනා වේදිකාවක්වනු ඇති බව අප හඳුනා ගත්තා. ජනතාව ආදරය කරන අසමසම නිෂ්පාදන ඔවුන් වෙනුවෙන් හඳුන්වා දීම සඳහා අප දක්වන කැපවීම මෙම නව හඳුන්වා දීමත් සමග තවදුරටත් පිළිබිඹු වනවා" යනුවෙන් CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් සමාගමේ සාමාන්‍යාධිකාරි-අලෙවි නිලුපුල් ද සිල්වා මහතා සඳහන් කළේය.

    දිවයිනේ නන් දෙසින් ගාලු මුවදොර පිටියට පැමිණි 200,000කට අධික ජනකායක් මධ්‍යයයේ මෙම නව රසයන් ජනගත කිරීමේ අවස්ථාව දෙරණ නාලිකාව ඔස්සේ සජීවීව ප්‍රචාරය කෙරිණි. තවද, ටියාරා රෝලෝ සන්නාමයෙන් හැඩවුණු දැවැන්ත සරුංගල් තුනකින් ද එදින අහස වර්ණවත් විය.

    2006 වසරේදී ස්ට්‍රෝබෙරි රසයෙන් හඳුන්වා දෙන ලද ටියාරා රෝලෝ ග්‍රෑම් 30ක පැකට්ටුවෙන් වෙළඳපලට පිවිසෙන අතර ඕනෑම ස්ථානයකදී රසවිඳිය හැකිය. 2004 වසරේදී, ටියාරා නාමය යටතේ කේක් නිෂ්පාදනය ආරම්භ කළ CBL සමාගම, වායු සම්පීඩන පැකට්ටුවල කේක් නිෂ්පාදනය කළ දකුණු ආසියාවේ පළමු නිෂ්පාදකයා ද වෙයි.