May, 31, 2022
මේ වන විට පත්කර ඇති අමාත්‍ය මණ්ඩලයෙහි අමාත්‍යවරුන් හා අමාත්‍යංශ සංඛ්‍යාව, එකී අමාත්‍යවරයන්ට විෂයයන් හා කාර්යයන් සහ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන පැවරීම නිශ්චය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
එම අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාරව කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම් සහ ආශ්රිත ආයතන, කලම්බු ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන ඇතුළුව දෙපර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 42 ක් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇත.
ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්යයන් හා කර්තව්‍යයන්, ඒ යටතට ගැනෙන දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා මෙන්ම ක්‍රියාත්මක කළ යුතු නීති සහ අණ පනත් අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වන අයුරු පහතින් දැක්වේ.




Video Story